Last Update  :  2024-03-29 19:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කායවර්ධන නිලධාරීන් 5ක් අල්ලස් කොමිසමට

කායවර්ධන නිලධාරීන් 5ක් අල්ලස් කොමිසමට

editorial - 2022 මැයි මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සිදුවී ඇතැයි කියන මූල්‍යමය අකටයුතුකම් සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා එහි හිටපු ඉහළ පෙළේ නිලධාරීන් පස් දෙනකු අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයට කැඳවන ලෙස යෝජනා කර තිබේ.

 ඒ ක්‍රීඩා අමාත්‍යංශය පත් කළ විශේෂ කමිටුවක් මගින් සිදු කර තිබෙන විමර්ශනයකින් පසුවය. වසර 2014-15-16 යන කාලසීමාවලදී ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ සිදුවී ඇතැයි කියන මූල්‍යමය අකටයුතුකම් සම්බන්ධයෙන් කමිටුව මෙම විමර්ශනයන් සිදු කර තිබේ.

මෙසේ අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයට කරුණු විමසීම සඳහා කැඳවීමට යෝජනා කර තිබෙන හිටපු නිලධාරීන් අතර, කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපතිවරයකු, හිටපු ලේකම්වරුන් දෙදෙනකු, හිටපු භාණ්ඩාගාරිකවරුන් දෙදෙනකු වන බව වාර්තා වේ.

කමිටුවේ විමර්ශන වාර්තාව මේ වනවිට ක්‍රීඩා අමාත්‍යංශයට බාරදී තිබෙන බව ද වැඩිදුරටත් වාර්තා වේ. කෙසේ වුවත් චෝදනාවලට ලක්ව සිටින මෙම එක් නිලධාරියකු දැනට ජීවතුන් අතර නැත.

ඒ පිළිබඳව චෝදනා ලබා සිටින හිටපු නිලධාරීන් පවසා ඇත්තේ අල්ලස් හෝ දූෂණ විමර්ශන ඒකකයට තමන් කැඳවීමට දරන කවර උත්සාහයකට වුවද තමන් ඊට එරෙහිව නීතිය හමුවට යන බවයි.

ශ්‍රී ලංකා කායවර්ධන සම්මේලනයේ නිලධාරීන්ගේ පාර්ශ්ව කිහිපයක් අතර උද්ගතව පවතින නිමක් නොමැති ආරවුල් විසඳීමට ක්‍රීඩා අමාත්‍යංශය අවස්ථා කිහිපයකදී විමර්ශන කමිටු පත්කර තිබේ. ඒ අතර සම්මේලනය අත්හිටුවා අතුරු කමිටුවක් පත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය කටයුතු කළේ එහි උච්චතම අවස්ථාවකදීය.

මෙම විමර්ශනවලදී කායවර්ධන සම්මේලනයේ හිටපු සභාපතිවරුන් කිහිපදෙනකුටම මූල්‍ය අක්‍රමිකතා චෝදනා ද එල්ල විය.


අදහස් (0)

කායවර්ධන නිලධාරීන් 5ක් අල්ලස් කොමිසමට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.