Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports කරාටේ සභාපති සිසිර

කරාටේ සභාපති සිසිර

editorial - 2022 මැයි මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

වැඩි ඡන්ද 156 කින් ඉදිරි සිවු වසරක කාලයක් (2022 – 26) සඳහා ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ සභාපති ධුරයට වත්මන් සභාපති එච්.එම්. සිසිර කුමාර මහතා තේරීපත් විය. ඒ ප්‍රතිවාදී සභාපති අපේක්‍ෂක ප්‍රියන්ත තුසිත් ගුණසේකර මහතා පරාජයට පත් කරමිනි.

එහිදී ගුණසේකර මහතාගේ ඡන්ද එකතුව හතකට පමණක් සීමා වන අතර වසර 2015 සිට අඛණ්ඩව ධුරය හොබවන සිසිර කුමාර මහතා ඡන්ද 163 ක් ලැබීය.

ක්‍රීඩා සමාජ 170කගේ සහභාගීත්වයෙන් ඊයේ (24) රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී ශ්‍රී ලංකා කරාටේ දෝ සම්මේලනයේ නව විධායක සභාව පත්කර ගැනීමේ නිලවරණය පැවැත්විණි. එහිදී සියලු තනතුරු සඳහා හිටපු නිලධාරීන්ම තේරී පත්වීම කැපී පෙණුනි. එම බොහෝ නිලධාරීන් වසර 2015 සිට කරාටේ දෝ සම්මේලනයේ විධායක සභාව හොබවන්නෝ වෙති.

ඒ අනුව ප්‍රධාන ලේකම් ධුරය වසර 2015 සිට හොබවන කීර්ති කුමාර බස්නායක මහතා ඡන්ද 163ක් ලබමින් එම ධුරය නැවත තහවුරු කර ගත්තේය. ප්‍රතිවාදී ලේකම් අපේක්‍ෂක දිනුෂ හේමාල් මහතා ලබා ගත්තේ එහිදී ඡන්ද හතක් පමණි.

භාණ්ඩගාරික ධුරය පමණක් ඊයේ නිලවරණයේදී නිතරගයෙන් පත්වුණු අතර වත්මන් භාණ්ඩාගාරික රෝහණ ග්‍රීස්මන් මහතා ඊට පත්වන අතර වර්ජින් ප්‍රනාන්දු මහතා සිය නාමයෝජනාව ඉල්ලා අස්කර ගත්තේය.

වැඩිම ඡන්ද ගණනක් ලබමින් නදීක සොයිසා (ඡන්ද 150), ටී.එම්.ඩී. නිමල් (144) හා මහින්ද සුවාරිස් (135) යන මහත්වරුන් උපසභාපති ධුර තුනේ යළිත් රැඳෙන අතර ඡන්ද විමසුමට ඉදිරිපත් වූ උප සභාපති ධුර අපේක්‍ෂකයන් ගණන 13 දෙනෙකි. උප ලේකම් ධුර දෙකට යළිත් ඡන්ද විමසුමෙන් පත්වූයේ ඉසෙඩ්.ඒ. රවුෆ් හා ජගත් ප්‍රියදර්ශන යන මහත්වරුන්ය. ඒ නාමයෝජනා නවයක් අතරිනි. වර්ජින් ප්‍රනාන්දු මහතා ඡන්ද 75ක් ලබා උප භාණ්ඩාගාරික ධුරය යළිත් තහවුරු කර ගත්තේය. නාමයෝජනා 40 ක් විධායක සභාවේ තනතුරු නවයක් සඳහා ඊයේ ඉදිරිපත්වී තිබුණි.


අදහස් (0)

කරාටේ සභාපති සිසිර

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.