Last Update  :  2024-05-17 16:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ඔෂිනිට රන් පදක්කමක්

ඔෂිනිට රන් පදක්කමක්

editorial - 2023 ජුලි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් පියන්ත)

කිරිකිස්ථානයේදී පැවැති බටහිර ආසියානු යොවුන් අධිවේගී ( රැපිඩ්) චෙස් තරගාවලියේදී රන් පදක්කමක් දිනා ගැනීමට කොළඹ විචර්ලි ජාතයන්තර පාසලේ ඔෂිනි ගුණවර්ධන සමත්වූවාය. බටහිර ආසියානු රටවල් රැසක ක්‍රීඩක, ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙම චෙස් තරගාවලියට ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 21 ක් සහභාගි වෙති.

එම තරගාවලියෙන් හිමිවූ පළමු රන් පදක්කම ඔෂිනි ගුණවර්ධන විසින් දිනා ගන්නා ලදි.

ඔෂිනි ගුණවර්ධන මේ රන් පදක්කම දිනා ගත්තේ වයස 12 න් පහළ බාලිකා අංශය නියෝජනය කරමිනි. එම තරග ඉසව්ව සදහා රටවල් දහයක වයස 12 න් පහළ ක්‍රීඩිකාවන් 18 දෙනෙක් සහභාගීවූ අතර ඔෂිනි ගුණවර්ධන තමන් මුහුණදුන් තරග වට හතම ජය ගනිමින් රන් පදක්කම දිනා ගත්තාය.

ඔෂිනි ගුණවර්ධන විසින් කසකස්ථානයේ ක්‍රීඩිකාවන් තිදෙනෙක්, උස්බෙකිස්ථානයේ ක්‍රීඩිකාවන් දෙදෙනෙක්, කිරිකිස්ථානයේ ක්‍රීඩිකාවක් සහ ෆින්ලන්තයේ ක්‍රීඩිකාවක් පරාජයට පත් කරන ලදි.

තරගාවලිය ආරම්භයේ සිටම ඉදිරියෙන් සිටි ඔෂිනි ගුණවර්ධන සහ තරගාවලියේ අනු ශූරතාව දිනා ගත් උස්බෙකිස්ථානයේ ක්‍රීඩිකාව අතර පරතරය ලකුණු 2 කි.


අදහස් (0)

ඔෂිනිට රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.