කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වෙන 42 වැනි පාසල් වයස් සීමා පිහිනුම් තරගාවලියේ තෙවැනි දිනය වූ අද (20 වැනිදා) පැවැති තරග වලදී නව තරග වාර්තා 4 ක් පිහිටුවීමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ. එහිදී එක් පැරණි වාර්තාවක් පසුකර යෑමේ අවස්ථාවක්ද සටහන් විය.
අද දිනයේදී වාර්තා වූ පළමු නව තරග වාර්තාවට හිමිකම් කීමට ශාන්ත තෝමස් විදුහලේ කේ. නුගවෙල සමත් වූ අතර ඔහු වයස 15 න් පහළ බාලක මීටර් 400 නිදහස් ආර ඉසව්වෙන් එම වාර්තාව පිහිටුවීය.
ඊයේ දිනයේදී (19 වැනිදා) වයස 17 න් පහළ බාලක මීටර් 100 සමනල ආර ඉසව්වෙන් නව තරග වාර්තාවක් පිහිට වූ කොළඹ ඞී. එස්. සේනානායක විදුහලේ ඉමේෂ් චතුරංග, අද දිනයේදී වයස 17 න් පහළ බාලක මීටර් 200 සමනල ආර ඉසව්වෙන් ද නව තරග වාර්තාවක් පිහිටුවීය.
වයස 15 න් පහළ බාලිකා මීටර් 50 පසුපස ආර ඉසව්වේ නව වාර්තාව තමන් සතුකර ගැනීමට මීගමුව හරිස්චන්ද්‍ර විදුහලේ හිරුණි සංජනා සමත් වෙද්දී, එහි පැරණි වාර්තාව වූ තත්ත්පර 33.57 පසුකර යෑමට කොළඹ සිරිමාවෝ බණ්ඩාරණායක විදුහලේ විනෝලි කළුආරච්චි (තත්ත්පර 33.03) සමත් වූවාය. හිරුණි සංජනා ඊයේ දිනයේදී වයස 15 න් පහළ බාලිකා මීටර් 100 සමනල ආර ඉසව්වේ නව තරග වාර්තාවට ද හිමිකම් කීවාය.
අද දිනයේ වාර්තා වූ අවසන් වාර්තාව පිහිටුවීමට වයස 15 න් පහළ බාලක මීටර් 50 පසුපස ආර ඉසව්ව ජයගත් බම්බලපිටිය ශාන්ත පීතර විදුහලේ දිමුත් අකලංක සමත් වූ අතර ඊයේ දිනයේදී ඔහු වයස 15 න් පහළ බාලක මීටර් 50 සමනල ආර ඉසව්වේදී නව තරග වාර්තාවක් පිහිටුවීය.
මේ වන විට තරගාවලියේ නව තරග වාර්තා 10 ක් බිහිවී තිබෙන අතර එහිදී ද්විත්ව වාර්තාවන්ට හිමිකම් කීමට ඉමේෂ් චතුරංග, දිමුත් අකලංක සහ හිරුණි සංජනා යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වී ඇත.
තරගාවලියේ තෙවැනි දිනය නිමා වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ බාලක අංශයේ පෙරමුණ ගැනීමට කොළඹ ශාන්ත ජෝශප් විදුහලත්, බාලිකා අංශයේ පෙරමුණ ගැනීමට මහනුවර මහාමායා විදුහලත් සමත් විය.
ඊයේ පැවැති තරග වලදී ප‍්‍රසාද ලකුණු 443.5 ක් ලබාගනිමින් ශාන්ත ජෝශප් විදුහල බාලක අංශයේ පෙරමුණට පැමිණ තිබෙන අතර මහාමායා විදුහල බාලිකා අංශයේ පෙරමුණට පැමිණ තිබෙන්නේ ප‍්‍රසාද ලකුණු 447 ක් ලබාගනිමිනි.
ප‍්‍රසාද ලකුණු 324 ක් ලබා සිටින කොළඹ රාජකීය විදුහල බාලක අංශයේ දෙවැනි ස්ථානයටත්, ප‍්‍රසාද ලකුණු 230 ක් ලබා සිටින ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල එහි තෙවැනි ස්ථානයටත් පත්ව විය.
කොළඹ විශාකා විදුහල ප‍්‍රසාද ලකුණු 227 ක් සමගින් බාලිකා අංශයේ දෙවැනි ස්ථානයට පත්ව තිබෙන අතර කොළඹ කාන්තා විදුහල ප‍්‍රසාද ලකුණු 224 ක් සමගින් එහි තෙවැනි ස්ථානයට පත්ව තිබේ.
ශ්‍රී ලංකා පාසල් ජල කී‍්‍රඩා සංගමය සංවිධානය කරන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස නෙස්ලේ ලංකා සමාගම කටයුතු කරයි.
අද (20) දිනයේදී නව තරග වාර්තා පිහිටවූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ -
වයස 15 න් පහළ (බාලක) මීටර් 400 නිදහස් ආර ඉසව්ව
කේ. නුගවෙල (ශාන්ත තෝමස් විදුහල) - විනාඩි 4:35.18
වයස 17 න් පහළ (බාලක) මීටර් 200 සමනල ආර ඉසව්ව
ඉමේෂ් චතුරංග (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල) - විනාඩි 2:15.05
වයස 15 න් පහළ (බාලිකා) මීටර් 50 පසුපස ආර ඉසව්ව
හිරුණි සංජනා (මීගමුව හරිස්චන්ද්‍ර විදුහල) - තත්ත්පර 32.18
වයස 15 න් පහළ (බාලක) මීටර් 50 පසුපස ආර ඉසව්ව
දිමුත් අකලංක (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල) - තත්ත්පර 28.73
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.