Last Update  :  2024-03-29 14:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ආර්ථික ප්‍රශ්න තිබුණත් පහසුකම් නවත්වන්නේ නෑ

ආර්ථික ප්‍රශ්න තිබුණත් පහසුකම් නවත්වන්නේ නෑ

editorial - 2022 මැයි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

කුමන ආර්ථික ප්‍රශ්න පැන නැගුණත් රටේ ක්‍රීඩාව ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අඛණ්ඩව ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා බව නව ක්‍රීඩා ඇමැති රොෂාන් රණසිංහ මහතා පැවසීය. ඊයේ (23 වැනිදා) පස්වරුවේ රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ප්‍රධාන පරිශ්‍රයේදී ක්‍රීඩා, තරුණ කටයුතු හා වාරිමාර්ග ඇමැතිවරයා ලෙස වැඩ බාර ගැනීමෙන් අනතුරුව ඇමතිවරයා එසේ පැවසීය. 

එහිදී ඇමැති රොෂාන් රණසිංහ මහතා මෙසේද පැවසීය. 

“රට පුරා තරුණ තරුණියන්ගේ අසහනකාරී තත්ත්වයක් වර්ධනය වෙමින් තිබෙනවා. මේ තත්ත්වයෙන් රට ගොඩගන්න මට පැවරුණු අමාත්‍යාංශ තුනෙන් ක්‍රීඩා අමාත්‍යාංශය වඩාත් ඉදිරියෙන්ම පසුවෙනවා“

“අළුත් නිලධාරීන්, කාර්ය මණ්ඩල පත්කර ගත් සැණින් ක්‍රීඩා අමාත්‍යාංශය වගේම මට පැවරුණු සෙසු අමාත්‍යාංශවලත් මම වැඩ කටයුතු ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා.“

මෙම අවස්ථාවට ක්‍රීඩා අමාත්‍යාංශයේ වත්මන් ලේකම් අනුරාධ විජේකෝන්, ක්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් අමල් එදිරිසූරිය යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වූහ.

නව ක්‍රීඩා ඇමතිවරයා ශ්‍රී ලංකා ජනරජයේ  17 වැනි ක්‍රීඩා ඇමැතිවරයායි. පසුගිය අප්‍රේල් 1 වැනිදා නාමල් රාජපක්‍ෂ මහතා ක්‍රීඩා ඇමති ධුරයෙන් ඉවත්වීමෙන් පසුව අප්‍රේල් 18 වැනිදා එම ඇමති ධුරයට පත්වූයේ තේනුක විදානගමගේ මහතාය.

අගමැති ධුරය දැරූ මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඉල්ලා අස්වීම පසුගිය මැයි 9 වැනිදා සිදුවීමත් සමග එතෙක් කටයුතු කළ කැබිනට් මණ්ඩලය අහෝසි විය. මෙම වසරේදී මෙතෙක් කටයුතු කළ තෙවැනි ක්‍රීඩා ඇමතිවරයා රොෂාන් රණසිංහ මහතායි. 


අදහස් (0)

ආර්ථික ප්‍රශ්න තිබුණත් පහසුකම් නවත්වන්නේ නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.