Last Update  :  2025-12-20 13:11:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports අමන්දා - යහියා විශිෂ්ටතම දස්කම් දක්වති

අමන්දා - යහියා විශිෂ්ටතම දස්කම් දක්වති

Dilrukshi - 2015 ජුනි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 

ශ්‍රී ලංකා පාසල් ජල කී‍්‍රඩා සංගමය සංවිධානය කළ 42 වැනි පාසල් වයස් සීමා පිහිනුම් තරගාවලියේ වයස 19 න් පහළ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස යහියා ජෆර්ද, දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස අමන්දා ජයසේකරද සම්මාන දිනාගත්හ.

තමන් සහභාගී වූ තරග වලදී ලකුණු 35 ක් ලබාගනිමින් කොළඹ රාජකීය විදුහලේ යහියා ජෆර් තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා බවට පත්විය. කොළඹ මියුසියස් විදුහලේ අමන්දා ජයසේකර දක්ෂතම කී‍්‍රඩිකාව බවට පත්වූයේ ඇය සහභාගී වූ තරග වලදී ලකුණු 35 ක් ලබාගනිමිනි. මෙවර තරගාවලියේදී නව තරග වාර්තාවක් බැගින් පිහිටුවීමටද ඔවුුන් දෙදෙනා සමත් වූහ.

මෙම තරගාවලියේදී නව තරග වාර්තා 10 ක් බිහි වූ අතර එහිදී ද්විත්ව වාර්තාවන්ට හිමිකම් කීමට ඉමේෂ් චතුරංග (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල), දිමුත් අකලංක (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල) සහ හිරුණි සංජනා (මීගමුව හරිස්චන්ද්‍ර විදුහල)යන කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ. 

ශාන්ත තෝමස් විදුහලේ කේ. නුගවෙල සහ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහලේ එම්. ඒ. ඉඳුරුව නව තරග වාර්තාවක් බැගින් පිහිට වූහ.

කේවල තරග ඉසව් 140 කින් සහ සහය තරග ඉසව් 24 කින් සමන්විත වූ මෙම තරගාවලියට පාසල් 165 ක් නියෝජනය කරමින් කී‍්‍රඩකයෝ 2563 ක් සහ කී‍්‍රඩිකාවෝ 1625 ක් සහභාගී වූහ. බාලක සහ බාලිකා අංශ යටතේ වයස් කාණ්ඩ ශූරතා පිරිණැමුන අතර ඉන් බාලිකා අංශයේ 15 න් පහළ, 17 න් පහළ සහ 19 න් පහළ යන වයස කාණ්ඩ තුනේම ශූරතා දිනාගැනීමට මහනුවර මහාමායා විදුහල සමත් විය.

බාලිකා අංශයේ 15 න් පහළ ශූරතාව වත්තල ලයිසියම් විදුහල විසින්ද, 17 න් පහළ ශූරතාව කොළඹ ශාන්ත ජෝශප් විදුහල විසින්ද, 19 න් පහළ ශූරතාව ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල විසින්ද දිනාගනු ලැබිණ.

දින 4 ක් පුරා කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැති තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස නෙස්ලේ ලංකා සමාගම කටයුතු කළ අතර තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස නවික හමුදාපති ජයන්ත පෙරේරා මහතා සහභාගී විය. 

සමස්ත ශූරතා

සමස්ත ශූරතාව (බාලක) - කොළඹ ශාන්ත ජෝශප් විදුහල (ලකුණු 584.5)
සමස්ත අනු ශූරතාව (බාලක) - කොළඹ රාජකීය විදුහල (ලකුණු 438)
සමස්ත ශූරතාව (බාලිකා) - මහනුවර මහාමායා විදුහල (ලකුණු 617)
සමස්ත අනු ශූරතාව (බාලිකා) - කොළඹ විශාකා විදුහල (ලකුණු 372)

දක්ෂතම කී‍්‍රඩකයෝ 

වයස 15 න් පහළ - දිමුත් අකලංක (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල)
වයස 17 න් පහළ - ඉමේෂ් චතුරංග (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල)
වයස 19 න් පහළ - යහියා ජෆර් (කොළඹ රාජකීය විදුහල)

දක්ෂතම කී‍්‍රඩිකාවෝ

වයස 15 න් පහළ - හිරුණි සංජනා (මීගමුව හරිස්චන්ද්‍ර විදුහල)
වයස 17 න් පහළ - විනෝලි සිරිවර්ධන (මහනුවර මහාමායා විදුහල) සහ ශලීනා පීරිස් (කොළඹ විශාකා විදුහල)
වයස 19 න් පහළ - අමන්දා ජයසේකර (කොළඹ මියුසියස් විදුහල)



යහියා ජෆර් දක්ෂතම කී‍්‍රඩකයාට හිමි සම්මානය ලබාගනිමින්...

 


 

අමන්දා ජයසේකරද දක්ෂතම කී‍්‍රඩිකාවට හිමි සම්මානය ලබාගනිමින්...

 

 

 


අදහස් (0)

අමන්දා - යහියා විශිෂ්ටතම දස්කම් දක්වති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.