කැළණිය විශ්වවිද්‍යාලය මගින් සංවිධානය කරනු ලැබු සය සාමාජික ආරාධිත හොකී තරගාවලියේ කාන්තා සහ පිරිමි ශූරතා දෙකම සබරගමුව විශ්වවිද්‍යාල කණ්ඩායම් විසින් දිනාගනු ලැබිණ. මෙම තරගාවලියට පේරාදෙණිය, මොරටුව, කොළඹ, රජරට, ඌව වෙල්ලස්ස, ශ‍්‍රී ජයවර්ධනපුර, රුහුණ, කැළණිය සහ සබරගමුව යන විශ්වවිද්‍යාලයන්හි කණ්ඩායම් තරග වැදිණ.
පිරිමි හොකී අවසන් තරගයේදී මොරටුව විශ්වවවිද්‍යාල කණ්ඩායම හා සබරගමුව විශ්වවිද්‍යාල කණ්ඩායම නියමිත කාලය අවසන් වනතුරු ලකුණු ලබා ගැනීමට අසමත් විය. දඬුවම් පහර අවස්ථාවේදී 1-0 වශයෙන් මොරටුව විශ්ව විද්‍යාලය පරාජය කරමින් සබරගමුව විශ්ව විද්‍යාලය ජය වාර්තා කළේය.
කාන්තා අවසන් තරගයේදී සබරගමුව විශ්වවිද්‍යාලය ජය වාර්තා කළේ 1-0 වශයෙන් කැළණිය විශ්ව විද්‍යාලය පරාජයට පත්කරමිනි.
ජේ. නියන්සන්, ඩබ්.ඒ. ආර්.කේ. රණවීර, පී.ජී.කේ. මුදාර, ආර්.ජී.එන්.සී.බී. රත්නගෙදර, එස්.එම්. ඉර්ෆාන්, ඞී.එම්.එස්.බී.බී. දිසානායක, එස්.පී. ලක්ඛන ඩයස් සබරගමුව විශ්ව විද්‍යාලයේ පිරිමි කණ්ඩායම නියෝජනය කළහ.
බී.ජේ.කේ.එස්. ගුරුගේ, ඒ.ජී.ඞී. මධුෂානි, ජේ.එම්.කේ.එන්.ජයසිංහ, ආර්.ඒ.කේ.අයි. පෙරේරා, එස්.කේ.අයි.යූ.කේ සෙනරත් එම්.ටී. පරණගමගේ, කේ.ගෞෂිකා, ජේ.එම්.අයි. සඳමාලි යන ක‍්‍රීඩිකාවෝ සබරගමුව විශ්ව විද්‍යාලයේ කාන්තා කණ්ඩායම නියෝජනය කළහ.
සබරගමුව විශ්වවිද්‍යාල පිරිමි කණ්ඩායම
සබරගමුව විශ්වවිද්‍යාල කාන්තා කණ්ඩායම
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.