Last Update  :  2024-04-25 22:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports 14 න් පහළ චෙස් ශූරයා විනුද

14 න් පහළ චෙස් ශූරයා විනුද

editorial - 2022 මැයි මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම.සුසිල් ප්‍රියන්ත)

ශ්‍රී ලංකා ජාතික වයස 14න් පහල විවෘත යොවුන් චෙස් තරගාවලියේ ශුරතාව කොළඹ රාජකීය විද්‍යාලයේ විනුද ෂෙනාල් විසින් දිනා ගන්නා ලදී .

පැවති තරග වට හතෙන් ලකුණු 6.0 ක් ලබාගත් විනුද ෂෙනාල්ට තරගාවලියේ ශුරතාව හිමිවුයේ චෙස් ක්‍රීඩාවේ සම තත්ත්වය බිදීමේ ක්‍රමවේදයට අනුවය .

මේ තරගාවලියට සහභාගිවූ ක්‍රීඩකයින් පස්දෙනෙකුම තරග වට හතෙන් ලකුණු 6.0  බැගින් ලබාගත්හ.

කොළඹ රාජකීය විද්‍යාලයේ විනුද ෂෙනාල් , මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දිසාර තෙන්නකෝන් , කොළඹ දී.එස්.සේනානායක විද්‍යාලයේ මලීෂ සවිදු , මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ පාසලේ දිසාල් වීරසේකර හා මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දී.ආර්.බි.ජි.ගල්කොටුව ඔවුහුය.

එහෙත් චෙස් ක්‍රීඩාවේ සම තත්ත්වය බිදීමේ ක්‍රමවේදයේදී කොළඹ රාජකීය විද්‍යාලයේ විනුද ෂෙනාල් ට ශුරතාවත් මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දිසාර තෙන්නකෝන්ට අනු ශුරතාවත් ,කොළඹ දී.එස්.සේනානායක විද්‍යාලයේ මලීෂ සවිදුට තෙවැනි ස්ථානයත් හිමිවූ අතර මහනුවර ශ්‍රී චන්දානන්ද බෞද්ධ පාසලේ දිසල් විරසේකරට සිව් වැනි ස්ථානයත් ,මහනුවර ධර්මරාජ විද්‍යාලයේ දී.ආර් .බි .ජි .ගල්කොටුවට පස් වැනි ස්ථානයත් හිමි විය.

 


අදහස් (0)

14 න් පහළ චෙස් ශූරයා විනුද

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.