Last Update  :  2024-04-20 13:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ස්කොෂ් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දෙවැනි වටයට
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

ස්කොෂ් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දෙවැනි වටයට

editorial - 2022 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

එංගලන්තයේ බර්මින්හැම් නුවරදී පැවැත්වෙන 22 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ස්කොෂ් ඉසව්වේ අද (29 වැනිදා) පැවැති මූලික වටයේ (64 දෙනාගේ) තරගවලට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ එහිදී ජයග්‍රහණ ලබා දෙවැනි වටයට සුදුසුකම් ලබාගත්හ.  

පිරිමි කේවල ඉස්ව්වේ මූලික වටයේදී ගයානාවේ ෂොමාරි විල්ට්ෂියර්ට එරෙහිව වට 3-1 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ රවිඳු ලක්සිරිද, බාබඩෝස්හි ෂොන් සිම්ප්සන්ට එරෙහිව වට 3-2 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ ශමිල් වකීල්ද සමත් වූහ.

කාන්තා කේවල ඉසව්වේදී ගයානාවේ ඈෂ්ලි ඛලිල්ට එරෙහිව වට 3-2 ක තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකාවේ යෙහෙනි කුරුප්පු සමත් වූවාය. ක්‍රීඩා උළෙලට සහභාගි වී සිටින සෙසු ශ්‍රී ලංකා ස්කොෂ් ක්‍රීඩිකාව වන චනිත්මා සිනාලි මූලික වටයේදී නිතරග ජයක් ලබා දෙවැනි වටයට පිවිසියාය.

මෙම ඉසව් දෙකේම දෙවැනි වටයේ (32 දෙනාගේ) තරග හෙට පැවැත්වීමට නියමිතය. එහිදී රවිදු ලක්සිරි ස්කොට්ලන්තයේ ග්‍රෙග් ලොබන්ටද, ශමිල් වකීල් ඉන්දියාවේ සෞරව් ඝෝසාල්ටද, යෙහෙනි කුරුප්පු එංගලන්තයේ ජෝජිනා කෙනඩිටද, චනිත්මා සිනාලි කැනඩාවේ නිකෝල් බන්යන්ට එරෙහිවද තරග වැදීමට නියමිතය.

 


අදහස් (0)

ස්කොෂ් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ දෙවැනි වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.