Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports රාජකීයයෝ අපරාජිත වාර්තාව රැකගනිති

රාජකීයයෝ අපරාජිත වාර්තාව රැකගනිති

රොෂාන් ගුණරත්න - 2019 මාර් මස 23 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලනය විසින් මෙහෙයවනු ලබන සිංගර් කුසලාන වයස අවුරුදු 19 න් පහළ තරගයකදී ලකුණු 20- 12 ක්වශයෙන් මහනුවර කිංස්වුඞ් විදුහල පරාජය කළ රාජකීය කණ්ඩායම සිය අපරාජිත වාර්තාව තවදුරටත් රැක ගැනීමට සමත් විය. මෙම තරගය අද (23 වැනිදා) මහනුවර නිත්තවෙල ක්‍රීඩා පිටියේදී පැවත්විණ. 

මෙවර ලීග් ශූරතාව දිනාගැනීමට සූදානමින් සිටින පාසල් අතර ඉදිරියෙන්ම සිටින රාජකීය විදුහල උත්සාහක දිනුම් දෙකක් ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් සාර්ථක කරගත්තේය. කිසිදු අවස්ථාවක තම ලකුණු සීමාව ආක්‍රමණය කිරීමට කිංග්ස්වුඞ් ක්‍රීඩකයන්ට ඉඩ නොතැබීමට රාජකීයෝ වග බලා ගත්හ.

 කිංග්ස්වුඞ් පිල දඬුවම් පහර හතරක් සාර්ථක කර ගනිමින් ලකුණු රැස් කළේය. 

ප්‍රවීණ රග්බි විනිසුරු ප්‍රියන්ත ගුණරත්න මහතාගේ නළා හඬින් තරගය ආරම්භවී 8 වැනි විනාඩියේදී රාජකීය පිලේ ආදිත්‍ය වීරසූරිය කිංස්වුඞ් ලකුණු සීමාව ආක්‍රමණය කළේය. එහෙත් එහි ප්‍රවර්තනය අසාර්ථක විය.

විනාඩි දෙකකට පසුව රාජකීය ක්‍රීඩකයන් තහනම් කලාපයට පැමිණීම හේතුවෙන් කිංග්ස්වුඞ් විදුහලට පිරිනැමුණ දඬුවම් පහරක් හිරුෂ සම්පත්ගේ පාදයෙන් සාර්ථක විය. 20 වැනි විනාඩියේදී නැවතත් ක්‍රියාත්මක වූ රාජකීය ක්‍රීඩකයන් කිංග්ස්වුඞ් ලකුණු සීමාව ආක්‍රමණය කළ අතර රදිඡු ජයසූරිය විසින් වාර්තා වාර්තාකරන ලද එම උත්සාහක දිනුමේ ප්‍රවර්තනය අසාර්ථක විය. 23 වැනි විනාඩියේදී කිංග්ස්වුඞ් පිලේ හිරුෂ සම්පත් විසින් දඩුවම් පහරක් සාර්ථක කර ගන්නා ලද අතර ප්‍රථම අර්ධය නිමා වන විට ලකුණු 10 -06 ක් වශයෙන් රාජකීයෝ ඉදිරියෙන් වූහ. 

දෙවැනි අර්ධය ආරම්භ වි තරඟයේ 37 වැනි විනාඩියේදී කිංග්ස්වුඞ් පිල වෙත පිරිනැමුණු දඩුවම් පහරක් සාර්ථක කර ගැනීමට හිරුෂ සම්පත් සමත් විය. 

රාජකීය පිලේ මධූෂ විකුම් කිංග්ස්වුඞ් 40 වැනි විනාඩියේදී ඉදිරි ආරක්ෂක වළල්ල බිඳගෙන ගොස් උත්සාහක දිනුමක් වාර්තා කළ අතර මලීෂ පෙරේරා එහි ප්‍රවර්තනය සාර්ථක කරගත්තේය. 45 වැනි විනාඩියේදී කිංග්ස්වුඞ් පිල වෙත ප්‍රදානය කරන ලද දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට හිරුෂ සම්පත් සමත් විය 

තවත් විනාඩි 5 කට පසුව රාජකීයයන් වෙත පිරිනැමුණු දඬුවම් පහරක් සාර්ථක කර ගැනීමට මල්ලි පෙරේරා සමත්වූ අතර තරඟයේ අවසන් නලා හඬ නිකුත් වන විටල කුණු 20-12 ක ජයක් රාජකීයයන් විසින් වාර්තා කර තිබුනි

 

 

අදහස් (0)

රාජකීයයෝ අපරාජිත වාර්තාව රැකගනිති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.