Last Update  :  2025-12-21 22:23:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මේදිරා - සංඛ විවෘත මිශ‍්‍ර යුගල ශූරතාව දිනති

මේදිරා - සංඛ විවෘත මිශ‍්‍ර යුගල ශූරතාව දිනති

දිලිනි මල්රුක්ෂි - 2014 අගෝ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ ටෙනිස් සංගම් මූලස්ථාන කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන 99 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ විවෘත මිශ‍්‍ර යුගල ශූරතාව දිනාගැනීමට මේදිරා සමරසිංහ සහ සංඛ අතුකෝරාළ පසුගියදා (26) සමත්වූහ.

අවසන් මහෙ තරගයේදී තරග වට 2-1 ක් ලෙස දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රිතා මුත්තයියා පරාජය කරමින් ඔවුහු එම ශූරතාවට හිමිකම් කීහ.

මෙහිදී පිරිමි සහ කාන්තා ජාතික ශ්‍රේණිගත කිරීම් වල පෙරමුණේ පසුවන දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රිතා මුත්තයියා, ජාතික ශ්‍රේණිගත කිරීම් වල දෙවැනි ස්ථාන වල පසුවන මේදිරා සමරසිංහ සහ සංඛ අතුකෝරාළ හමුවේ පරාජයට පත්වීම කැපීපෙනෙන සිදුවීමක් විය.  

පළමු අවසන් පූර්ව තරගයේදී හීරා ආෂික් සහ නිලූෂී ප‍්‍රනාන්දු පරාජය කරමින් දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රිතා මුත්තයියා අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්හ.

මේදිරා සමරසිංහ සහ සංඛ අතුකෝරාළ අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්තේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී දිල්වර් හුසේන් සහ තෙව්නි දේවරාජා පරාජය කරමිනි.

විවෘත මිශ‍්‍ර යුගල අවසන් පූර්ව තරගය

  • මේදිරා සමරසිංහ සහ සංඛ අතුකෝරාළ විසින් තරග වට 2-1 ක් ලෙස දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රිතා මුත්තයියා පරාජය කරන ලදහ. (6/4, 3/6, 6/2)

විවෘත මිශ‍්‍ර යුගල අවසන් පූර්ව තරග

  • දිනේෂ්කාන්තන් තංගරාජා සහ අම්රිතා මුත්තයියා විසින් තරග වට 2-0 ක් ලෙස හීරා ආෂික් සහ නිලූෂී ප‍්‍රනාන්දු පරාජය කරන ලදහ. (6/1, 6/2)
  • මේදිරා සමරසිංහ සහ සංඛ අතුකෝරාළ විසින් තරග වට 2-0 ක් ලෙස දිල්වර් හුසේන් සහ තෙව්නි දේවරාජා පරාජය කරන ලදහ. (6/4, 6/3)

අදහස් (0)

මේදිරා - සංඛ විවෘත මිශ‍්‍ර යුගල ශූරතාව දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.