Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports පදක්කම් බලාපොරොත්තුවක් ගිළිහෙයි
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

පදක්කම් බලාපොරොත්තුවක් ගිළිහෙයි

editorial - 2022 ජුලි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද)

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්වේ කිලෝ ග්‍රෑම් 67 බර පංතිය යටතේ තරග වැදුණ ශ්‍රී ලංකා චතුරංග ලක්මාල් එම ඉසව්වේ 5 වැනි ස්ථානයට පත්විය. ඔහුට එම ඉසව්වේ සිවුවැනි ස්ථානය අහිමි වූයේද කිලෝ ග්‍රෑම් එකක අඩුවකිනි.

චතුරංග අවසන් වරට 2018 වසරේ ගෝල්ඩ් කෝස්ට්හි පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ බර ඉසිලීමේ ඉසව්වේදී කිලෝ ග්‍රෑම් 56 බර පංතියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට දිනාදුන් ක්‍රීඩකයාය. 2017 වසරේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය බර ඉසිලීමේ ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනාගැනීමටද ඔහු සමත් විය.

මෙවර තරගාවලියේදී ස්නැච් ක්‍රමයට අනුව කිලෝ ග්‍රෑම් 119 ක්ද, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට අනුව කිලෝ ග්‍රෑම් 140 ක්ද සමග චතුරංග එසවූ මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 259 කි. ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට චතුරංග දරූ පළමු සහ තෙවැනි උත්සාහයන් අසාර්ථක වීම හේතුවෙන් ඔහුට පදක්කමක් කරා යෑමට නොහැකි විය.

නව තරගාවලි වාර්තාවක්ද පිහිටුවමින් එම ඉසව්වේ රන් පදක්කම දිනාගැනීමට ඉන්දියාවේ ලාල්රිනුන්ගා ජෙරමි සමත් වූ අතර එහිදී ඔහු එසවූ මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 300 කි. සැමෝවා රාජ්‍යයේ නෙවෝ ඉයෝන් කිලෝ ග්‍රෑම් 293 ක් ඔසවමින් රිදී පදක්කමටද, නයිජීරියාවේ ජෝෂප් උමෝෆියා කිලෝ ග්‍රෑම් 290 ක් ඔසවමින් ලෝකඩ පදක්කමටද හිමිකම් කීහ.


අදහස් (0)

පදක්කම් බලාපොරොත්තුවක් ගිළිහෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.