Last Update  :  2025-12-19 21:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports නිලවරණ කමිටුව නිගමනය නොදෙයි

නිලවරණ කමිටුව නිගමනය නොදෙයි

සංජය එරමුදුගොඩ - 2018 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණයේදී ඡන්ද දෙකක හිමිකමක් ඇති ක්‍රීඩකයන්ගේ කමිටුවට එරෙහිව ගොනු කර තිබූ විරෝධතාවය සම්බන්ධයෙන් නිලවරණ කමිටුව සිය නිගමනය ලබා දීමෙන් වැළකී තිබේ. ඒ අනුව ක්‍රීඩකයන්ගේ කමිටුවට නිලවරණයේදී ඡන්ද බලය දීම හෝ නොදීම සම්බන්ධයෙන් ජාතික ඔලිම්පික් කමිටුවේ මීළග මහා සභා රැස්වීමේදී (නිලවරණය කැඳවන අවස්ථාවේදී) එහි සාමාජිකත්වයට තීරණයක් ගතහැකි බව නිලවරණ කමිටුව පෙරේදා (17) පැවසීය.

ක්‍රීඩකයන්ගේ කමිටුවේ පත් කිරීම් නීත්‍යානුකූලව නොවන බවට නිලවරණ කමිටුවට විරෝධතාවක් බාර දෙමින් රොහාන් ප්‍රනාන්දු පාර්ශ්වය ඉල්ලා සිටියේ නිලවරණයේදී මෙම කමිටුවට හිමි ඡන්ද බලය අහෝසි කළ යුතු බවය.

ක්‍රීඩා අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයෙකු වන ආචාර්ය ආර්.එම්.කේ. රත්නායක (සභාපති) මෙම අමාත්‍යාංශයේම හිටපු ලේකම්වරුන් දෙපළක් වන එස්. විරිතමුල්ල හා එස්. ලියනගම යන මහත්වරු ලබන සිකුරාදා (23) පැවැත්වෙන ජාතික ඔලිම්පික් කමිටුවේ නිලවරණය මෙහෙයවන කමිටුවේ සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

ක්‍රීඩකයන්ගේ කමිටුවට එරෙහිව ඉදිරිපත් වූ විරෝධතාව ගැන නිලවරණ කමිටුවේ නිගමනය වී ඇත්තේ 1973 නිකුත් වූ ජාතික ක්‍රීඩා පනතට අනුව ජාතික ඔලිම්පික් කමිටුව ගැන සඳහන්වීමේදී එහි ක්‍රීඩකයන්ගේ කමිටුවක් ගැන සාකච්ඡා නොකරන බවයි. ඒ අනුව තමන්ට ක්‍රීඩකයන්ගේ කමිටුව ගැන නිගමනයක් දිය නොහැකි බව කමිටුව වැඩිදුරටත් එහිදී අවධාරණය කර තිබේ.

බැඞ්මින්ටන් ක්‍රීඩක නිලුක කරුණාරත්න  හා පිහිනුම් ක්‍රීඩක රෙෂිකා උඩුගම්පොල මෙම ක්‍රීඩකයන්ගේ කමිටුව නියෝජනය කරන සාමාජිකයෝ වෙති. මේ අතර රොහාන් ප්‍රනාන්දු පාර්ශ්වය විසින් ඉදිරිපත් කරන ලද විරෝධතාද ප්‍රතික්ෂේප කර තිබේ. වත්මන් ලේකම් මැක්ස්වල් ද සිල්වා වත්මන් භාණ්ඩාගාරික ගාමිණී ජයසිංහ යන මහත්වරුන්ට එරෙහිව හා හොකී, බැඞ්මින්ටන්, මල්ලවපොර, ජූඩෝ, මේස පන්දු යන සම්මේලන නිලවරණයට සහභාගිකර ගැනීමට එරෙහිව රොහාන් ප්‍රනාන්දු මහතා විරෝධතා ගොනු කර තිබුණි.

බැඞ්මින්ටන් හා හොකී යන සම්මේලන දැනට අත්හිටුවා තිබෙන නමුත් එහි මෙතෙක් කටයුතු කරමින් සිටි ශ්‍රී ලංකා නිලධාරීන්ට එහි අන්තර් ජාතික සම්මේලන විසින් තවදුරටත් පිළිගවු ලබන බැවින් එහි ජාතික ක්‍රීඩා සංගම් දෙකට නිලවරණයේදී ඡන්ද බලය හිමිවීම අනුමත කළහැකි බවටත් නිලවරණ කමිටුව අවධාණය කර තිබේ.

මැක්ස්වල් ද සිල්වා හා ගාමිණී ජයසිංහ යන මහත්වරුන් සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී ජාතික ඔලිම්පික් කමිටුව ජාතික ක්‍රීඩා සංගම්හි රෙගුලාසිවලට යටත් නොවන බවත් එහිදී කමිටුව තවදුරටත් අවධාරණය කර තිබේ.

 


අදහස් (0)

නිලවරණ කමිටුව නිගමනය නොදෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.