Last Update  :  2025-12-21 20:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports දෙවැනි දිනයේදී නව වාරතා 6 යි

දෙවැනි දිනයේදී නව වාරතා 6 යි

ශනුක අරවින්ද - 2015 ජුනි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කොළඹ සුගතදාස පිහිනුම් තටාකයේදී පැවැත්වෙන 42 වැනි පාසල් වයස් සීමා පිහිනුම් තරගාවලියේ දෙවැනි දිනය වූ අද (19 වැනිදා) පැවැති තරග වලදී නව තරග වාර්තා 6 ක් පිහිටුවීමට කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ සමත් වූහ.

දෙවැනි දිනය නිමා වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ බාලක අංශයේ පෙරමුණ ගැනීමට කොළඹ ශාන්ත ජෝශප් විදුහලත්, බාලිකා අංශයේ පෙරමුණ ගැනීමට මහනුවර මහාමායා විදුහලත් සමත් විය.

ඊයේ පැවැති තරග වලදී ප‍්‍රසාද ලකුණු 296.5 ක් ලබාගනිමින් ශාන්ත ජෝශප් විදුහල බාලක අංශයේ පෙරමුණට පැමිණ තිබෙන අතර මහාමායා විදුහල බාලිකා අංශයේ පෙරමුණට පැමිණ තිබෙන්නේ ප‍්‍රසාද ලකුණු 285 ක් ලබාගනිමිනි.

ප‍්‍රසාද ලකුණු 222 ක් ලබා සිටින කොළඹ රාජකීය විදුහල බාලක අංශයේ දෙවැනි ස්ථානයටත්, ප‍්‍රසාද ලකුණු 157 ක් ලබා සිටින ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල එහි තෙවැනි ස්ථානයටත් පත්ව විය.  

කොළඹ විශාකා විදුහල ප‍්‍රසාද ලකුණු 183 ක් සමගින් බාලිකා අංශයේ දෙවැනි ස්ථානයට පත්ව තිබෙන අතර කොළඹ මියුසියස් විදුහල ප‍්‍රසාද ලකුණු 172 ක් සමගින් එහි තෙවැනි ස්ථානයට පත්ව තිබේ.

ශ්‍රී ලංකා පාසල් ජල කී‍්‍රඩා සංගමය සංවිධානය කරන මෙම තරගාවලියේ ප‍්‍රධාන අනුග‍්‍රාහකයා ලෙස නෙස්ලේ ලංකා සමාගම කටයුතු කරයි.

නව තරග වාර්තා පිහිටවූ කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ

වයස 15 න් පහළ (බාලක) මීටර් 50 සමනල ආර ඉසව්ව
දිමුත් අකලංක (බම්බලපිටිය ශාන්ත පීතර විදුහල) - තත්ත්පර 26.67

වයස 19 න් පහළ (බාලිකා) මීටර් 50 නිදහස් ආර ඉසව්ව
අමන්දා ජයසේකර (කොළඹ මියුසියස් විදුහල) - තත්ත්පර 29.00

වයස 19 න් පහළ (බාලක) මීටර් 400 මිශ‍්‍ර ආර ඉසව්ව
එම්. ඒ. ඉඳුරුව (ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල) - විනාඩි 5:11.03

වයස 15 න් පහළ (බාලිකා) මීටර් 100 සමනල ආර ඉසව්ව
කේ. ඒ.  හිරුණි සංජනා (මීගමුව හරිස්චන්ද්‍ර විදුහල) - විනාඩි 1:10.87

වයස 17 න් පහළ (බාලක) මීටර් 100 සමනල ආර ඉසව්ව
ඉමේෂ් චතුරංග (කොළඹ ඞී. එස්. සේනානායක විදුහල) - තත්ත්පර 59.93

වයස 19 න් පහළ (බාලක) මීටර් 100 ලය ආර ඉසව්ව
යහියා ජෆර් (කොළඹ රාජකීය විදුහල) - විනාඩි 1:11.52

ඡයාරූප - ඉෂංක සුනිමල්


අදහස් (0)

දෙවැනි දිනයේදී නව වාරතා 6 යි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.