Last Update  :  2026-01-29 22:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports ජාතික ටයිකොන්ඩෝ ශූරතාව ගුවන් හමුදාවට

ජාතික ටයිකොන්ඩෝ ශූරතාව ගුවන් හමුදාවට

editorial - 2026 ජන මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සංගමය සංවිධානය කළ 2026 ජාතික ටයිකොන්ඩෝ ශූරතාවලියේ සමස්ත ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සමත් විය. ඔවුන් එම ශූරතාවට හිමිකම් කීවේ ඉසව් 16 කින් සමන්විත වූ මෙම ශූරතාවලියේදී රන් පදක්කම් 7 ක් සහ ලෝකඩ පදක්කම් 4 ක් දිනාගනිමිනි. 

නිට්ටඹුව, වතුපිටිවල ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැති මෙම ශූරතාවලියේ කාන්තා අංශයේ ශූරතාව දිනාගැනීමට ගුවන් හමුදා කාන්තා කණ්ඩායමත්, පිරිමි අංශයේ අනු ශූරතාව හිමිකර ගැනීමට ගුවන් හමුදා පිරිමි කණ්ඩාමත් සමත් විය.  

ත්‍යාග ප්‍රදාන උත්සවය ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති මියොන් ලී මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත් අතර එම අවස්ථාවට ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති චමින්ද පුංචිහේවා මහතා ඇතුළු නිළධාරීන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් සහභාගී වූහ. 


-036 


අදහස් (0)

ජාතික ටයිකොන්ඩෝ ශූරතාව ගුවන් හමුදාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.