කිලෝමීටර 158ක් දුරැති කඩුවෙල ස්ටෑන්ඩඞ් පාපැදි සවාරියේ ජය නිශාන්ත පෙරේරාට හිමි විය. දෙහිවල - ගල්කිස්ස ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් තරගවැදුණු නිශාන්තට තරගය නිමා කිරීමට පැය 4 විනාඩි 4 තත්ත්පර 23ක කාලයක් ගත විය. ඔහුට ඒ සඳහා තරග නිමාවේදී තියුණු සටනක් දීමට සිදු වූ අතර එහිදී එම ක්‍රීඩා සමාජයේම චතුර මධුෂාන් සමාන තරග කාලයම ගෙවමින් දෙවැනි ස්ථානය ලැබීය.
කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමයේ අධීක්‍ෂණයෙන් කඩුවෙල විහාර මාවත එකමුතු තරුණ සංවිධානය සංවිධානය කළ මෙම ස්ටෑන්ඩඞ් පාපැදි තරගය සඳහා පළපුරුදු තරගකරුවන්ද ඇතුළුව තරගකරුවෝ 112 ක් සහභාගි වූහ.
කඩුවෙල, මාලබේ, අතුරුගිරිය, ගොඩගම, අවිස්සාවේල්ල, ඇහැලියගොඩ, රත්නපුරය හරහා නැවත හංවැල්ල පරණ පාර ඔස්සේ නැවත කඩුවෙල විහාර මාවත අසලින් නිමාවට පත් වූ තරගයේ 30 වැනි ස්ථානය දක්වා රුපියල් 80,000 සිට 5000 දක්වා මුදල් ත්‍යාග රැසක් පූදානය කෙරුණි.
ජයසංකේත ප්‍රදානය සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ, කඩුවෙල මහ නගර සභා මන්ත්‍රීවරුන් වන ග්‍රේෂන් අල්විස් සහ අජිත් කුමාර, එකමුතු තරුණ සංවිධානයේ සභාපති චමිල් ප්‍රසාද්, ලේකම් ප්‍රදීප් හෙට්ටිආරච්චි, එහි භාණ්ඩාගාරික ප්‍රසාද් නන්දනතිලක ප්‍රධාන සංවිධායක ලලිත් කොළඹගේ, කොළඹ දිස්ත්‍රික් පාපැදි සංගමයේ ලේකම් අශෝක් කුමාර් යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.
කඩුවෙල පාපැදි තරගයේ ප්‍රතිඵල
1. නිශාන්ත පෙරේරා (දෙහිවල ගල්කිස්ස)
2. චතුර මධුශාන් (දෙහිවල - ගල්කිස්ස)
3. බුද්ධික වර්ණකුලසූරිය (ගුවන් හමුදාව)
4. සුරංග රණවීර (දෙහිවල- ගල්කිස්ස),
5. සනත් ජයසිංහ (යුද හමුදාව)
6. බී.ජී.කේ. කරුණාරත්න (යුද හමුදාව)
7. දේෂිත රාජපක්‍ෂ (යුද හමුදාව)
8. එන්.ඒ.ඩී.එස්. නිශ්ශංඛ (ගුවන් හමුදාව)
9. ප්‍රදීප් ප්‍රියංකර (යුද හමුදාව)
10. පසිදු මධුවන්ත (යුද හමුදාව)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.