මාර්තු 8 වැනිදා සිට 17 වැනිදා දක්වා ඕමානයේ මස්කට් අගනුවරදී පැවැත්වීමට නියමිත 2018 ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි හොකී තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවෙන් හොකී කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශ්‍ය තීරණය කර ඇත.
මෙම තරගාවලිය ඉලක්ක කරගෙන ක්‍රීඩකයන් 25 දෙනෙකුගෙන් සමන්විත පුහුණු සංචිතයක් පිහිටුවා ඇති අතර එහි දෛනික පුහුණුවීම් කටයුතු ඉකුත් 12 දා සිට කොළඹ ටොරින්ටන් කෘතිම හොකී ක්‍රීඩාංගනයේ ආරම්භ විය. ප්‍රවීන පුහුණුකරුවන් දෙදෙනෙකු වන අනුරුද්ධ හේරත් බණ්ඩාර මහතා ප්‍රධාන පුහුණුකරු ලෙසත් චාමික පුලස්ති මහතා සහය පුහුණුකරු ලෙසත් කටයුතු කරති.
ආසියානු කලාපයේ ඕමාන තරගවටය සඳහා රටවල් 10 ක් තරග වදින අතර ඉන් රටවල් තුනක් ආසියානු ක්‍රීඩා උළෙල නියෝජනය කිරීම සඳහා සුදුසුකම් ලබනු ඇත.
මේ අතර ශ්‍රී ලංකාව නියෝජනය කරන අවසන් ක්‍රීඩකයන් 18 දෙනා තෝරා ගැනීමේ තේරීමේ පරීක්ෂණ මෙම 21 දා පැවැත්වීමට නියමිත බව ක්‍රීඩා අමාත්‍යංශයේ හොකී ව්‍යාපෘති නිලධාරී තමරා ලියනගේ මහත්මිය පැවසුවාය.
ශ්‍රී ලංකා (පිරිමි) හොකී සංචිතය
එම්. එම්. ටී.කේ. හීන්දෙණිය (ආරක්ෂක සේවා)
එම්.සී.පී. ප්‍රනාන්දු (ආරක්ෂක සේවා)
ඩී.ආර්.එම්.අයි.කේ. ජයසුන්දර (ආරක්ෂක සේවා)
කේ.එන් ද සිල්වා (ආරක්ෂක සේවා)
ආර්.ඒ.ඩී.පී. රණසිංහ (ආරක්ෂක සේවා)
තිලිණ පෙරේරා (රාජ්‍ය සේවා)
ඩී.ඒ.ඩී.එම්. විජේසිංහ (ආරක්ෂක සේවා)
කේ.එම්.ටී.අයි. ගුණවර්ධන (ආරක්ෂක සේවා)
එස්.එස් ද කොස්තා (ආරක්ෂක සේවා)
එම්.සපුගස්ගොඩගේ (වෙළඳ සේවා)
ඩබ්.එම්.එම්.පී.බණ්ඩාර (රාජ්‍ය සේවා)
දමිත් බණ්ඩාර (වෙළඳ සේවා)
උදයශාන් ප්‍රනාන්දු (ආරක්ෂක සේවා)
ආර්.එම්.ඒ.සුරේෂ් (ආරක්ෂක සේවා)
කේ.එම්.ආර්.ඩී කුලතුංග (ආරක්ෂක සේවා)
එම්.එම්.මුලාෆර් (ආරක්ෂක සේවා)
එස්.එස්.ප්‍රියංලක (රාජ්‍ය සේවා)
පී.ජී.එල්.ජී. වීරසූරිය (ආරක්ෂක සේවා)
ආර්.එම්.ජී.එස්. අමරසිංහ (ආරක්ෂක සේවා)
ඒ.ඒ.සී. මෙල්ඩර් (ආරක්ෂක සේවා)
ඩබ්.වී.ඩී. ප්‍රනාන්දු (වෙන්නප්පුව)
අසිත ගුණවර්ධන (කොළඹ)
ජී.ජී.ආර්.සී. ධර්මරත්න (කොළඹ)
ජනිත් විතාරණගේ (වෙළඳ සේවා)
ඩී.එන්.වීරසිංහ (රාජ්‍ය සේවා
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.