Last Update  :  2025-05-17 11:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports විවෘත ශූරතාව ඉන්දියාවට - කාන්තා ශූරතාව ශ්‍රී ලංකාවට
ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය

විවෘත ශූරතාව ඉන්දියාවට - කාන්තා ශූරතාව ශ්‍රී ලංකාවට

editorial - 2025 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

විවෘත ශූරතාව දිනූ ඉන්දියාවේ සෙහා හාල්ඩර්ට දුලංග දිල්හාන් සහ චාමර ප්‍රගීත් යන මහත්වරුන් විසින් ශූරතා කුසලානය පිරිනමන ලද අවස්ථාව. 

 

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

හත් වැනි එස්. එස්. සී. ජාත්‍යන්තර ශ්‍රේණිගත  කිරීමේ චෙස් තරගාවලියේ විවෘත ශූරතාව ඉන්දියාවේ සෙහා හාල්ඩර් විසින් දිනාගන්නා ලදි.  තරගාවලියේ කාන්තා ශූරතාව මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ  පහළොස් හැවිරිදි යෙනුති සහන්ලී විසින් දිනාගන්නා ලදි. 

එස්.එස්.සී.ජාත්‍යන්තර චෙස් පුහුණු පාසල සංවිධානය කළ හත් වැනි ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීමේ චෙස් තරගාවලිය  මාතර වෙලේවත්ත ග්‍රෑන්ඩ් රොක්ලන්ඩ් හෝටලයේදී පැවැත්විණ. මෙම තරගාවලියට දෙස් විදෙස්  චෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500  පමණ සහභාගීවූහ.

තරග වට 10 කින් සමන්විතවූ තරගාවලියේ තමන් මුහුණදුන් තරග වට 10 න් ලකුණු 9 ක් ලබාගත් ඉන්දියාවේ සෙහා හාල්ඩර් විවෘත ශූරතාව දිනා ගත්තාය. මේ තරගාවලියට සහභාගීවූ සියලුම චෙස් ක්‍රීඩකයන් ද අභිබවා ඉන්දියානු චෙස් ක්‍රීඩිකාව එහි විවෘත ශුරතාව දිනා ගත්තාය. 

මෙම තරගාවලියට සහභාගීවූ තමන්ට වඩා වයසිස් වැඩි ක්‍රීඩිකාවන් සියලුදෙනාම අභිබවා මාතර සුජාතා බාලිකා විද්‍යාලයේ පහළොස් හැවිරිදි යෙනුති සහන්ලී කාන්තා ශූරතාව දිනාගත්තාය. යෙනුති සහන්ලී තමන් මුහුණදුන් තරග වට 10 න් ලකුණු 7.5 ක් ලබා ගනිමින් මේ දක්ෂතාව දැක්වූවාය.

කාන්තා තරග ඉසව්වේම අනු ශූරතාව සහ තෙවැනි ස්ථාන දිනාගත් ක්‍රීඩිකාවන් දෙදෙනා ද පහළොස් හැවිරිදි වියේ වීමද කැපී පෙණුනි. මේ ක්‍රීඩිකවන්  දෙදෙනාම තරග වට 10 න් ලකුණු 7 බැගින් සම ලකුණු ලබා ගත්හ. එහිදී උමන්දි  මුදලිගේට අනු ශූරතාවත් ආර්.පී.හංසලීට තෙවැනි ස්ථානයත් හිමිවිය. 

තරග වට 10න් ලකුණු 8.5 ක් බැගින් ලබාගත් එච්.බී.සේනාරත්නට විවෘත අංශයේ අනු ශූරතාවත් පහළොස් හැවිරිදි  මාතර රාහුල විද්‍යාලයේ හරිත් හංසනට තෙවැනි ස්ථානයත් හිමිවිය.

තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය එස්.එස්.සී.ජාත්‍යන්තර  චෙස්  ක්‍රීඩා  පාසලේ නිර්මාතෘ සහ විධායක අධ්‍යක්ෂක දුලංග දිල්හාන් සහ  එම චෙස් පුහුණු පාසලේම අධ්‍යක්ෂක සහ තරගාවලි ලේකම්  චාමර ප්‍රගීත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මාතර වෙලේවත්ත ග්‍රෑන්ඩ්  රොක්ලන්ඩ් හෝටලයේදී පැවැත්විණ. 

 

කාන්තා ශුරතාව දිනූ යෙනුති සහන්ලීට චාමර ප්‍රගීත් මහතා විසින් ශූරතා කුසලානය ප්‍රදානය කරන ලද අවස්ථාව


අදහස් (0)

විවෘත ශූරතාව ඉන්දියාවට - කාන්තා ශූරතාව ශ්‍රී ලංකාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.