Last Update  :  2025-02-12 14:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports හයිසින්ත් යළිත් කරළියට

හයිසින්ත් යළිත් කරළියට

editorial - 2025 ජන මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

මෙම වසරට නියමිත තරග සංචාර දෙකක් ඉලක්ක කරමින් අයැදුම්පත් කැදවූ ජාතික යොවුන් දැල්පන්දු’ (නෙට්බෝල්) පුහුණුකරු ධූරය සදහා හිටපු ජාතික දැල්පන්දු පුහුණුකාණියක් වන හයිසින්ත් විජේසිංහ මහත්මියද ඉදිරිපත්ව සිටියි.ඒ සදහා අයැදුම්පත් බාර ගැනීම සදුදා (27) අවසන් විය.

ශ්‍රී ලංකාව සහභාගිවීමට නියමිත දකුණු කොරියාවේදී ජූනි 14 සිට 21 වැනිදා දක්වා පැවැත්වෙන ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලිය හා සැප්තැම්බර් 19 සිට 28 වැනිදා දක්වා ජිබොල්ටාවේදී පැවැත්වෙන ලෝක යොවුන් දැල්පන්දු තරගාවලිය ඉලක්ක කරමින් මෙම පුහුණුකරු පත් කිරීම සිදු කෙරේ.

කෙසේවූවත් ආසියානු යොවුන් තරග සංචාරය වෙනුවෙන් පුහුණු සංචිතය ආරම්භ කිරීමට ක්‍රීඩා සංවර්ධනය දෙපාර්තමේන්තුව මෙතෙක් පියවර ගෙන නැත.මේ වන විට ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය අත්හිටුවා තිබෙන බැවින් එහි කටයුතු මෙහෙයවීම නිසි බලධාරී ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂේමාල් ප්‍රනාන්දු මහතාගේ අධික්ෂණයෙන් සිදු කෙරේ.

කෙසේවූවත් අවසන් වරට කොරියාවේදීම පැවැති (2023) ආසියානු යොවුන් දැල්පන්දු තරගාවලියේ තෙවැනි ස්ථානය ලැබීමද ශ්‍රී ලංකාවට ජිබොල්ටා ලෝක යොවුන් තරග සංචාරයට නිර්දේශ ලබා ගැනීමට ප්‍රමාණවත් විය.

සිංගප්පූරුවේද කලක් ජාතික දැල්පන්දු පුහුණුකරු ධූරයේ හයිසින්ත් විජේසිංහ මහත්මිය කටයුතු කර තිබේ. කෙසේවූවත් විජේසිංහ මහත්මියට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ පාර්ශ්වයකින් යෝජනා කර ඇත්තේ යොවුන් දැල්පන්දු පුහුණුකරු ධූරය සදහා අයැදුම් පත්‍ර. නිර්දේශ කෙරෙන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයේ නිලධාරිනියක් ලෙස කටයුතු කරන ලෙසයි.

එහෙත් එය ප්‍රතික්ෂේප කරමින් ඇය ධූරයට අයැදුම් කිරීමට තීරණය කර තිබේ.ක්‍රීඩා අමාත්‍යාංශයේ සේවය කරන (ක්‍රීඩා) නිලධාරිනියන් කීප දෙනෙකුද ජාතික යොවුන් දැල්පන්දු පුහුණුකරු ධූරයට ඇස ගසා සිටින බව මේ අතර වාර්තාවේ.


අදහස් (0)

හයිසින්ත් යළිත් කරළියට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.