Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
විස්සයි විස්ස ක්‍රිකට් ගැන අහලාවත් නැති, ඒ ගැන හිතන්නටවත් හිතක් නොතිබූ, නවසිය අනූ ගණන් වලදී ටෙස්ට් සහ එක්දින ක්‍රිකට් වල වෙනස ගැන අර්ජුන රණතුංගගෙන් ඇසුවේ නම් අර්ජුනගේ කට පුරාම තිබුණේ එකම උත්තරයකි.
“ඒක සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයේ බෝල සෙල්ලමක්” යයි අර්ජුන නොබියවම කීවේය.
2006 දී විස්සයි-20 ක්‍රිකට් ක්‍රීඩාව අන්තර්ජාතික පිටියට පැමිණීමත් සමගින් එකම පන්දුවෙන් ආකාර තුනේදීම ක්‍රීඩාව කෙරුණත් ඒවා එකකට එකක් වෙනස් ආකෘති සහිත ක්‍රීඩා රටාවන් විය. ඇතැම් රටවල ටෙස්ට්, එක්දින සහ විස්සයි-20 යන එක් එක් ආකෘති සඳහා වෙන වෙනම නායකයන් සිටි අතර අදත් ශ්‍රී ලංකාවේ ටෙස්ට් නායකයා ධනංජය ද සිල්වාය. එක්දින සහ විස්සයි-20 නායකයා චරිත් අසලංකය.
එසේ වුවත්, ඇතැම් ක්‍රීඩකයෝ මේ ආකෘති තුනේදීම හොඳින් ක්‍රීඩා කරති. සමුගෙන ගිය ක්‍රීඩකයන් අතර මහේල ජයවර්ධන, කුමාර් සංගක්කාර, ඇන්ජලෝ මැතිව්ස් සහ තිලකරත්න ඩිල්ෂාන්ද, වත්මන් කණ්ඩායමේ සාමාජිකයන් අතර සිටින පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් සහ කමිඳු මෙන්ඩිස් ද මෙම ආකෘති තුනේදීම සාර්ථක පිතිකරුවෝ වෙති.
පිතිකරුවන් වශයෙන් සාර්ථක වූවත්, මේ ආකෘති තුනේදීම ශතක ලබාගෙන ඇත්තේ ලෝකයේම පිතිකරුවන් අතුරින් 28 දෙනකු පමණි. ශ්‍රී ලාංකිකයෝ සිව් දෙනෙකි ඔවුන් අතරට එක්වූ අලුත්ම ශ්‍රී ලාංකිකයා පැතුම් නිස්සංකය.
බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව පැවැති සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත් පැතුම් නිස්සංක ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින තරගයකදී මුල්ම ද්විත්ව ශතකය සම්පූර්ණ කළ ක්‍රීඩකයා ද විය. පැතුම් ඊයේ (26 වැනිදා) ඉන්දියාවට එරෙහිව සිය මුල්ම විස්සයි-20 ශතකය සම්පූර්ණ කළේය.
ශ්‍රී ලංකාව වෙනුවෙන් ආකෘති තුනේදීම ශතක ලබාගත් පිතිකරුවෝ
මහේල ජයවර්ධන - 2010 දී
තිලකරත්න ඩිල්ෂාන් - 2011 දී
කුසල් පෙරේරා - 2025 දී
පැතුම් නිස්සංක - 2025 දී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.