Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තිස් අට වැනි ඩකාර් රැළියේ පස්වැනි අදියර ජය ගනිමින් නැවත වරක් සමස්ත තරගයේ පෙරමුණ ගැනීමට 9 වරක් ලෝක රැළි ශූරතාව දිනා සිටින සෙබස්තියන් ලොබ් සමත් විය. 7 වැනිදා පැවැති අදියරේදී ලබාගත් ජයග‍්‍රහණයත් සමග මෙතෙක් පැවැති අදියර 5 න් අදියර 3 කම ජය තමන් සතුකරගැනීමට සෙබස්තියන් ලොබ් සමත්වී ඇත.
පර්ජෝ වර්ගයේ මෝටර් රථයක් භාවිතා කරමින් තම පළමු ඩකාර් රැළියට සහභාගිවී සිටින ප‍්‍රංශ ජාතික සෙබස්තියන් ලොබ්ට ආජන්ටිනාවේ ජුජුයි සහ බොලීවියාවේ උයුනි යන නගර දෙක අතර කිලෝ මීටර් 327 ක දුරකින් සමන්විත වූ පස්වැනි අදියර අවසන් කිරීම සඳහා පැය 3 යි විනාඩි 32 යි තත්ත්පර 34 ක කාලයක් ගතවිය.
ආජන්ටිනාවේ ජුජුයි නගරය වටා පෙරේදා (6 වැනිදා) පැවැති සිව්වැනි අදියර ජය ගැනීමට සෙබස්තියන්ගේ කණ්ඩායම් සගයා වන ප‍්‍රංශ ජාතික ස්ටීවන් පීටර්හැන්සල් සමත් වූ අතර එය ඔහු ඩකාර් රැළියේ අදියරක් ජයගත් 66 වැනි අවස්ථාව ලෙස වාර්තා පොතට එක්විය.
යතුරුපැදි අංශයේ සිව්වැනි අදියර ජයගැනීමට දෙවැනි අදියරේදී වැරදි වේග ප‍්‍රමාණය නිසා දඩුවම් කාලයක් ලද ස්පාඥ්ඥයේ ජෝන් බොරෙඩා බෝට් සමත් වූ අතර ඔහු හොණ්ඩා වර්ගයේ යතුරුපැදියක් භාවිතා කරමින් රැළියට එක්ව සිටියේය.
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.