Last Update  :  2025-05-05 11:34:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව motorsports_inner රෙඩ් බුල් ගෝ කාට් ශූරයා හෆ්සෙල්

රෙඩ් බුල් ගෝ කාට් ශූරයා හෆ්සෙල්

රොෂාන් ගුණරත්න - 2016 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මීරිගම කැන්වේ ඔටෝ ඩ්‍රෝම්හිදී පැවැති ‘ආධුනික රෙඞ්බුල් ගෝ කාට්’ තරගාවලියේ  දෙවැනි අදියර ජය ගැනීමට හෆ්සෙල් ප‍්‍රීනා සමත් විය. අවසන් මහ තරගයේදී තත්ත්පර 25:30 ක කාලයක් වාර්තා කරමින් ඔහු එම ජයග‍්‍රහණයට හිමිකම් කීවේය.


මෙම තරගාවලියට තරගකරුවන් 300 ක් පමණ සහභාගි වූ අතර කෙළින් තීරු, වංගු සහ විවිධ ආනතීන් යන තුන් ආකාරයෙන්ම සමත්විත කිලෝ මීටරයක දුරකින් යුතු මීරිගම ධාවන පථයෙහි තරග වට කිහිපයක තෝරාගැනීම් වට කිහිපයකින් අනතුරුව අවසන් මහ තරගය පැවැත්විණ.


”මේ මගේ පළමු වැනි කාටින් ජයග‍්‍රහණයයි. ඉතින් මේක හිතාගන්න බැරි අවස්ථාවක්”


”මම අවුරුදු කිහිපයක ඉඳන් ෆෝමියුලා බලන්නේ. ඒ වගේම මම සෙබස්තියන් වෙටල්ගේ ලොකු රසිකයෙක්. ශ්‍රී ලංකාවේ තිබුණ රෙඞ්බුල් ප‍්‍රදර්ශනයේදී ශී‍්‍ර ලංකාවට පැමිණි ඩැනියෙල් රිකාඩෝ මුණගැහෙන්න ලැබීමත් මට ඉතාමත් වාසනාවන්ත අවස්ථාවක්” යයි ජයග‍්‍රහණයෙන් අනතුරුව හෆ්සෙල් ප‍්‍රීනා පැවසීය.


ජයග‍්‍රාහක හෆ්සෙල් ප‍්‍රීනා, ඉදිරියේදී එංගලන්තයේ රෙඞ්බුල් රේසිං ගරාජය නැරඹීමටද, ලොව පුරා ජනපි‍්‍රය ඉන්ෆිනිටි රෙඞ්බුල් රේසිං කණ්ඩායමේ සජීවී කි‍්‍රයාදාමයන් අත්විඳීමටද අවස්ථාව උදාකරගනු ඇත. එසේම ඔහුට ලොව කිසිදු ධාවකයකුට පහසුවෙන් හිමිනොවන එංගලන්තයේ ඇති එකම ෆෝමියුලා ධාවන පථය වන සිල්වර්ස්ටෝන් ගෝන් පී‍්‍ර ධාවන පථයෙහි ෆෙරාරි 430 කූප් හෝ ඇස්ටන් මාටින් වීx8 මෝටර් රථයක් ධාවනය කිරීමේ අවස්ථාවද හිමිවනු ඇත.

 

 

- 036

 


අදහස් (1)

රෙඩ් බුල් ගෝ කාට් ශූරයා හෆ්සෙල්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.