මීගමුව මෝටර් කී‍්‍රඩා සංගමය සංවිධානය කරන මෝටර් රථ සහ යතුරුපැදි ශූරතාවලියේ පළමු අදියර අනිද්දා (15 වැනිදා) පන්නල මෝටර් රථ ධාවන පථයේදී පෙරවරු 8.30 සිට පැවැත්වේ.
මෙම තරගාවලියේදී මෝටර් රථ ඉසව් 5 ක් සහ යතුරුපැදි ඉසව් 11 ක් පැවැත්වෙන අතර මෝටර් රථ තරගකරුවෝ 37 දෙනෙක් සහ යතුරුපැදිකරුවෝ 76 දෙනෙක් එම ඉසව් සඳහා සහභාගි වීමට සූදානමින් සිටිති.
මෝටර් රථ අංශයේ ප‍්‍රධානතම තරගය වන ෆෝඞ් ලේසර්/මැස්ඩා (සිලින්ඩර් ධාරිතාව 1500 දක්වා) තරගය සඳහා තරගකරුවෝ 10 දෙනෙක්ද, යතුරුපැදි අංශයේ ප‍්‍රධානතම තරගය වන සුපිරි යතුරුපැදි (සිලින්ඩර් ධාරිතාව 1000 දක්වා) තරගය සඳහා තරගකරුවෝ 8 දෙනෙක්ද ලියාපදිංචි වී සිටින බව මීගමුව මෝටර් කී‍්‍රඩා සංගමයේ සභාපති අවින්ද්‍ර මිරැන්ඩෝ මහතා පැවසීය.
අදියර 2 කින් සමන්විත මෙම ශූරතාවලියේ දෙවැනි අදියර නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිතය.
ඡායාරූප - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.