
මෙම වසරේ (2025) ෆෝමියුලා-1 ලෝක ශූරතා තරග මාලාවේ ශූරයා බවට පත්වීමට එංගලන්ත ජාතික ලැන්ඩෝ නොරිස් සමත් විය. මැක්ලරන්ස් කණ්ඩායම නියෝජනය කරන ඔහු මෙවර ශූරතාවට හිමිකම් කීවේ මෙම වසර තුළ පැවැති ගෝන් ප්‍රී තරග තරග 24 දී පළමු ස්ථාන 7 ක්, දෙවැනි ස්ථාන 8 ක් සහ තෙවැනි ස්ථාන 3 ක් තමන් සතුකර ගනිමිනි.
ඉකුක් වසරේදී (2024) ෆෝමියුලා-1 ලෝක ශූරතාවලියේ අනු ශූරතාව හිමිකරගත් නොරිස්, මෙ වසරේදී පළමු වරට ලෝක ශූරතාව දිනාගත්තේ 26 වැනි වියේ පසුවෙද්දීය. මෙවර ඔහු ලෝක ශූරතාවට හිමිකම් කීවේ පිට පිටම සිවුවරක් (2021 සිට 2024 දක්වා) එම ශූරතාව දිනාගෙන සිටි රෙඩ්බුල් රේසිං හොණ්ඩා කණ්ඩායමේ මැක්ස් වර්ස්ටපන් ලකුණු 2 කින් පරාජයට පත් කරමිනි.
මෙවර තරගාවලියේ ක්‍රීඩක ශ්‍රේණිගත කිරීම්වලට අනුව තරග 24 අවසානයේ පළමු ස්ථානය හිමිකරගත් නොරිස් ලකුණු 423 කට හිමිකම් කී අතර එහි දෙවැනි ස්ථානයේ පසුවූ වර්ස්ටනපන්ගේ ලකුණු සංඛ්‍යාව 421 කි. නොරිස්ගේ කණ්ඩායමේ සෙසු සාමාජිකයා වන ඔස්කාර් පියෙස්ටි්‍ර ලකුණු 410 ක් ලබා මෙවර තරග මාලාවේ තෙවැනි ස්ථානයට හිමිකම් කීවේය.
ලෝක ශූරතා 7 ක් ජයගනිමින් ලොව වැඩිම ෆෝමියුලා-1 ලෝක ශූරතා ලාභියා ලෙස මයිකල් ශූමාකර් සමග සම මට්ටමේ සිටින එංගලන්ත ජාතික ලුවිස් හැමිල්ටන්ට මෙවර තරගා මාලාවේදී 6 වැනි ස්ථානයෙන් සෑහීමකට පත්වීමට සිදුවිය. ෆෙරාරි කණ්ඩායම නියෝජනය කරමින් තරග වැදුණ ඔහුට ලබාගත හැකි වූයේ ලකුණු 156 ක් පමණි.
මෙවර තරග මාලාවේ කණ්ඩායම් ශූරතාව දිනාගැනීමට නොරිස් සහ පියෙස්ටි්‍ර නියෝජනය කරන මැක්ලරන්ස් කණ්ඩායම සමත් වූයේ ලකුණු 833 ක් ලබාගනිමිනි. ජෝජ් රසල් සහ කිමි ඇන්ටොනෙලි නියෝජනය කරන මර්සිඩීස් කණ්ඩායම ලකුණු 469 කට හිමිකම් කියමින් මෙවර කණ්ඩායම් අනු ශූරතාව හිමිකර ගත්තේය.
ලබන වසරේ (2026) ෆෝමියුලා-1 තරග මාලාවද ගෝන් ප්‍රී තරග 24 කින් සමන්විත වන අතර මාර්තු මස 8 වැනිදා පැවැත්වෙන ඕස්ටේ්‍රලියා ගෝන් ප්‍රී තරගයෙන් ආරම්භ වන එම තරග මාලාව, දෙසැම්බර් මස 6 වැනිදා පැවැත්වීමට නියමිත අබුඩාබි ගෝන් ප්‍රී තරගයෙන් නිමාවට පත්වනු ඇත.

-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.