Last Update  :  2024-06-16 12:03:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව LPL 2024 තිසර කොළඹට : කුසල් යාපනයට
එල්.පී.එල් - 2024

තිසර කොළඹට : කුසල් යාපනයට

editorial - 2024 මැයි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ මෙතෙක් පැවති අදියර 4 න් 3 කම ශූරතාව දිනාගැනීම සඳහා යාපනය කණ්ඩායම මෙහෙයවූ තිසර පෙරේරා මෙවර (2024) තරගාවලියේදී කොළඹ කණ්ඩායමට ක්‍රීඩා කිරීමට සූදානමින් සිටියි. ඒ ක්‍රීඩක වෙන්දේසියට පෙරාතුව ඍජුවම කොළඹ කණ්ඩායම සමග ගිවිසුම්ගත වෙමිනි. 

ක්‍රීඩක වෙන්දේසියට පෙර සෑම කණ්ඩායමකටම ක්‍රීඩකයන් 6 දෙනකු සිය කණ්ඩායම් සඳහා එක්කර ගැනීමට සංවිධායකයන් අවස්ථාව ලබා දී ඇති අතර ඒ සඳහා ඔවුන්ට ක්‍රීඩකයන් ඍජුවම ගිවිසුම්ගත කරගැනීම හෝ ඉකුත් වසරේදී (2023) තම කණ්ඩායමට ක්‍රීඩා කළ ක්‍රීඩකයන් මෙම වසර සඳහාත් කණ්ඩායමේ රඳවාගැනීම යන විකල්ප දෙක භාවිතා කළ හැකිය. 

ඒ අනුව පිට පිටම වසර 4 ක් යාපනය කණ්ඩායමේ නායකත්වය දැරූ තිසර පෙරේරා එම කණ්ඩායමෙන් ඉවත්ව කොළඹ කණ්ඩායමට ඇතුළත් වී ඇත. ඔහුට අමතරව ඉකුත් වසරේදී දඹුල්ල කණ්ඩායමේ නායකත්ව දැරූ කුසල් මෙන්ඩිස් මෙවර තරගාවලියේදී යාපනය කණ්ඩායම සමග ඍජුවම ගිවිසුම්ගත වී සිටියි. 

ඉකුත් වසරේදී දඹුල්ල කණ්ඩායමට ක්‍රීඩා කළ සධීර සමරවික්‍රම සහ අවිෂ්ක ප්‍රනාන්දු මෙම වසරේදී පිළිවෙලින් කොළඹ කණ්ඩායමට සහ යාපනය කණ්ඩායමට ඇතුළත්ව සිටින අතර යාපනය කණ්ඩායමට ක්‍රීඩා කළ දිල්ෂාන් මධුෂංක සහ නුවන් තුෂාර මෙම වසරේදී දඹුල්ල කණ්ඩායමට ඇතුළත්ව සිටිති. 

මහනුවර කණ්ඩායම කිසිදු දේශීය ක්‍රීඩකයකු සිය කණ්ඩායමට ඍජුවම ගිවිසුම්ගත කරගෙන නොමැති අතර ඉකුත් වසරේදී කොළඹ කණ්ඩායමට ක්‍රීඩා කළ නිරෝෂන් දික්වැල්ල සහ යාපනය කණ්ඩායමට ක්‍රීඩා කළ මහීෂ් තීක්ෂණ මෙම වසරේදී ගාල්ල කණ්ඩායම සමග ඍජුවම ගිවිසුම්ගත වී සිටිති.  

තරගාවලියට ඉදිරිපත් කිරීම සඳහා සෑම කණ්ඩායමකටම විදෙස් ක්‍රීඩකයන් හය දෙනකු මිලදී ගත හැකි අතර දේශීය ක්‍රීඩකයන් 14 ත් 18 ත් අතර සංඛ්‍යාවක් මිලදී ගත හැකිය. කෙසේ වුවත් තරගයක් සඳහා සහභාගි විය හැක්කේ විදෙස් ක්‍රීඩකයන් සිවු දෙනකුට පමණක් වන අතර සෙසු ක්‍රීඩකයන් හත් දෙනාම ශ්‍රී ලාංකිකයන් විය යුතුය. ඔවුන් අතර වයස 23 න් පහළ ක්‍රීඩකයකු සිටීමද අනිවාර්ය වී තිබේ. 


දඹුල්ල පිල  
රඳවාගත් ක්‍රීඩකයන් - දුෂාන් හේමන්ත සහ ප්‍රවීන් ජයවික්‍රම  
ඍජුවම ගිවිසුම්ගත කරගත් ක්‍රීඩකයන් - දිල්ෂාන් මධුෂංක සහ නුවන් තුෂාර 
විදෙස් ක්‍රීඩකයන් - මුස්තෆිසුර් රහමන් (බංග්ලාදේශය) සහ ඊබ්‍රහීම් සද්‍රාන් (ඇෆ්ගනිස්තානය)  


යාපනය පිල 
රඳවාගත් ක්‍රීඩකයන් - චරිත් අසලංක සහ විජයකාන්ත් වියස්කාන්ත් 
ඍජුවම ගිවිසුම්ගත කරගත් ක්‍රීඩකයන් - කුසල් මෙන්ඩිස් සහ අවිෂ්ක ප්‍රනාන්දු 
විදෙස් ක්‍රීඩකයන් - අස්මතුල්ලා ඔමර්සායි සහ නූර් අහමඞ් (ඇෆ්ගනිස්තානය) 


මහනුවර පිල 
රඳවාගත් ක්‍රීඩකයන් - වනිඳු හසරංග, ඇන්ජලෝ මැතිව්ස්, දුෂ්මන්ත චමීර සහ කමිඳු මෙන්ඩිස් 
විදෙස් ක්‍රීඩකයන් - ඇන්ඩි්‍ර ෆ්ලෙචර් සහ කයිල් මේයර්ස් (බටහිර ඉන්දීය කොදෙව්) 


ගාල්ල පිල 
රඳවාගත් ක්‍රීඩකයන් - භානුක රාජපක්ෂ සහ ලසිත් කෲස්පුල්ලේ
ඍජුවම ගිවිසුම්ගත කරගත් ක්‍රීඩකයන් - නිරෝෂන් දික්වැල්ල සහ මහීෂ් තීක්ෂණ 
විදෙස් ක්‍රීඩකයන් - ටිම් සෙයිෆර්ට් (නවසීලන්තය) සහ ඇලෙක්ස් හේල්ස් (එංගලන්තය) 


කොළඹ පිල  
රඳවාගත් ක්‍රීඩකයන් - චාමික කරුණාරත්න සහ නිපුන් ධනංජය 
ඍජුවම ගිවිසුම්ගත කරගත් ක්‍රීඩකයන් - තිසර පෙරේරා සහ සධීර සමරවික්‍රම 
විදෙස් ක්‍රීඩකයන් - ග්ලේන් පිලිප්ස් (නවසීලන්තය) සහ ශදාබ් ඛාන් (පාකිස්තානය)  


අදහස් (0)

තිසර කොළඹට : කුසල් යාපනයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.