Last Update  :  2024-06-14 18:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව LPL 2024 එල්.පී.එල්. කණ්ඩායම්වල කුසල් ජනිත්ට ඉඩක් නෑ
එල්.පී.එල් - 2024

එල්.පී.එල්. කණ්ඩායම්වල කුසල් ජනිත්ට ඉඩක් නෑ

editorial - 2024 මැයි මස 22 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මෙවර ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය පෙරේදා (21 වැනිදා) කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැති අතර එහිදී ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ප්‍රවේගකාරී ආරම්භක පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරා මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවීම කාගේත් කතාබහට ලක්වූ කරුණක් විය. 

මේ වන විට 33 වැනි වියේ පසුවන කුසල්, ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි-20 ජාත්‍යන්තර තරග 66 කට ක්‍රීඩා කර ඇති අතර එහිදී අර්ධ ශතක 13 ක් සමග ලකුණු 1677 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ 26.61 ක සාමාන්‍යයක් සහ 130.40 ක ප්‍රහාරාත්මක වේගයක් රඳවාගනිමිනි. ඊට අමතරව දෙස් විදෙස් විස්සයි-20 තරග 160 කදී අර්ධ ශතක 27 ක් සමග ලකුණු 3696 ක් රැස්කිරීමටද ඔහු සමත්ව ඇත. 

මින් පෙර පැවැති ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලීන්හිදී කොළඹ, දඹුල්ල, ගාල්ල කණ්ඩායම්වලට ක්‍රීඩා කර ඇති කුසල් මහනුවර කණ්ඩායමේ නායකත්වයද දරා ඇත. ඊට අමතරව ඉන්දීය ප්‍රීමියර් ලීග්, බංග්ලාදේශ ප්‍රීමියර් ලීග්, ඩුබායි ජාත්‍යන්තර ලීග්, දකුණු අප්‍රිකානු ලීග් සහ අබුඩාබි ටී-10 වැනි විදෙස් ලීග් තරගාවලි රැසකටද ඔහු ක්‍රීඩා කර ඇත. 

කුසල්ට අමතරව ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි-20 කණ්ඩායම්වල නිත්‍ය ආරම්භක පිතිකරුවා ලෙස කටයුතු කරන පැතුම් නිස්සංකද පළමුවර වෙන්දේසියට ඉදිරිපත් කිරීමේදී කිසිදු කණ්ඩායමකට අලෙවි නොවීය. කෙසේ වුවත් ක්‍රීඩකයන් 200 ක් පමණ වෙන්දේසියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පැතුම්ගේ නම යළිත් වරක් වෙන්දේසියට ඉදිරිපත් කෙරිණ.

එම අවස්ථාවේදී පැතුම්ගේ සේවය මිලදී ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඉදිරිපත් වූ අතර එහිදී ඔහු අලෙවි වූයේද ඔහු සඳහා නියම කර තිබූ මූලික ලන්සුව වූ ඇමරිකානු ඩොලර් 40,000 ක මුදලටමය. ඔහු වෙනුවෙන් වෙන්දේසියේදී ඉදිරිපත්වූ එකම ලන්සුවද එය වීම විස්මය දනවන කරුණක් විය. 

කෙසේ වුවත් ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ හිටපු නායක දිමුත් කරුණාරත්න වෙන්දේසියට ඉදිරිපත් කෙරුණු පළමු අවස්ථාවේදීම ඇමරිකානු ඩොලර් 10,000 ක මුදලට ඔහුගේ සේවය මිලදී ගැනීමට කැන්ඩි බී-ලව් කණ්ඩායම ඉදිරිපත් විය. එල්.පී.එල්. තරගාවලියක් සඳහා දිමුත් කණ්ඩායමකට ඇතුළත් කරගත් පළමු අවස්ථාවද මෙය විය. 

මේ වන විට ක්‍රීඩාවෙන් සමුගෙන සිටින ඉසුරු උදාන ඇමරිකානු ඩොලර් 100,000 ක මුදලකට මිලදී ගැනීමට ගෝල් මාවලස් කණ්ඩායම ඉදිරිපත් වීමද වැඩි දෙනාගේ කතාබහට ලක් විය. ඊට හේතු වූයේ ඇ.ඩො. 30,000 ක මූලික ලන්සුවක් නියම වී සිටි උදාන සඳහා කිසිදු කණ්ඩායමක් ලන්සු ඉදිරිපත් නොකළ අවස්ථාවක ඔහු වෙනුවෙන් ඇ.ඩො. 100,000 ක් ගෙවීමට ගෝල් කණ්ඩායමේ හිමිකරුවන් ඉදිරිපත් වීම හේතුවෙනි. 

ජාතික කණ්ඩායමේ දොරට තට්ටු කරමින් සිටින පුලින තරංග, ලක්ෂිත මනසිංහ, ක්‍රිෂාන් සංජුල, මිලාන් රත්නායක, හසිත බෝයගොඩ, පසිදු සූරියබණ්ඩාර සහ චමිඳු වික්‍රමසිංහ වැනි යොවුන් ක්‍රීඩකයන් මෙන්ම විෂ්ව ප්‍රනාන්දු, ඕෂද ප්‍රනාන්දු සහ සඳුන් වීරක්කොඩි වැනි ජාත්‍යන්තර අත්දැකීම් සහිත ක්‍රීඩකයන්ද මෙවර වෙන්දේසියේදී කිසිදු කණ්ඩායමකට අලෙවි නොවූහ. 

මෙවර ක්‍රීඩක වෙන්දේසියේදී සහ වෙන්දේසියට පෙර එක් එක් කණ්ඩායම් මිලදී ගත් ක්‍රීඩකයන් පහත සඳහන් වන අතර ඔවුන්ගේ මිල ගණන් සඳහන් කර ඇත්තේ ඇමරිකානු ඩොලර්වලින්ය. 


කලම්බු ස්ට්‍රයිකර්ස් 
තිසර පෙරේරා
චාමික කරුණාරත්න
සධීර සමරවික්‍රම
නිපුන් ධනංජය
ෂදාබ් ඛාන් - පාකිස්තානය 
ග්ලෙන් පිලිප්ස් - නවසීලන්තය
මතීෂ පතිරණ (120,000)
බිනුර ප්‍රනාන්දු (55,000)
දුනිත් වෙල්ලාලගේ (50,000) 
රහ්මනුල්ලා ගුර්බාස් (50,000) - ඇෆ්ඝනිස්ථානය
ටස්කින් අහමඞ් (50,000) - බංග්ලාදේශය 
මුහමද් වසීම් (20,000) - පාකිස්තානය 
ගරුක සංකෙත් (20,000)
ඇන්ජලෝ පෙරේරා (20,000)
ෂෙවෝන් ඩැනියල් (15,000)
චාමික ගුණසේකර (10,000)
අලා ගසාන්ෆාර් (10,000) - ඇෆ්ඝනිස්ථානය
ෂෙහාන් ප්‍රනාන්දු (5,000)
කෙවින් බණ්ඩාර (5,000)
ඉසිත විජේසුන්දර (5,000)


දඹුල්ල තන්ඩර්ස් 
ඩිල්ෂාන් මදුෂංක 
නුවන් තුෂාර 
දුෂාන් හේමන්ත 
ප්‍රවීන් ජයවික්‍රම 
මුස්තසෆිසූර් රහමාන් - බංග්ලාදේශය 
ඊබ්‍රහිම් සද්‍රාන් - ඇෆ්ඝනිස්ථානය 
කරීම් ජනට් (80,000) - ඇෆ්ඝනිස්ථානය
ඉෆ්තිකාර් අහමඞ් (50,000) - පාකිස්තානය 
හස්රතුල්ලා සසායි (50,000) - ඇෆ්ඝනිස්ථානය
නුවන් ප්‍රදීප් (36,000)
නුවනිඳු ප්‍රනාන්දු (34,000)
හයිදර් අලී (25,000) - පාකිස්තානය 
ධනුෂ්ක ගුණතිලක (22,000)
ළහිරු මදුෂංක (20,000)
අකිල ධනංජය (20,000)
ළහිරු උදාර (14,000)
අසේල ගුණරත්න (10,000)
සොනාල් දිනූෂ (6,000)
සන්තුෂ් ගුණතිලක (6,000)
රනේෂ් සිල්වා (5,000)
සොහාන් ඩි’ ලිවේරා (5,000)
රුසඳ ගමගේ (5,000)
මිතුන් ජයවික්‍රම (5,000)
අයන සිරිවර්ධන (5,000)


ගෝල් මාවල්ස් 
භානුක රාජපක්ෂ
ලසිත් කෲස්පුල්ලේ
නිරෝෂන් දික්වැල්ල
මහීෂ් තීක්ෂණ 
ටිම් සෙයිෆට් - නවසීලන්තය
ඇලෙක්ස් හේල්ස් - එංගලන්තය
ඉසුරු උදාන (100,000)
මුජීබ් උර් රාහ්මාන් (50,000) - ඇෆ්ඝනිස්ථානය
ඞ්වේන් ප්‍රිටෝරියස් (40,000) - දකුණු අප්‍රිකාව 
ජනිත් ලියනගේ (36,000)
ළහිරු කුමාර (30,000)
ජෙෆ්රි වැන්ඩසේ (30,000)
මල්ෂ තරුපති (25,000)
සහන් ආරච්චිගේ (20,000)
ෂෝන් විලියම්ස් (20,000) - සිම්බාබ්වේ 
ප්‍රභාත් ජයසූරිය (10,000)
සහීර් ඛාන් (10,000) - එක්සත් අරාබි එමීර් 
මොහොමඞ් ශිරාස් (10,000)
ධනංජය ලක්ෂාන් (10,000)
සදීෂ රාජපක්ෂ (5,000)
පසිඳු සූරියබණ්ඩාර (5,000)
කවිඳු නදීෂාන් (5,000)
චමිඳු විජේසිංහ (5,000)
යූරි කොත්තිගොඩ (5,000) 


බී - ලව් කැන්ඩි 

වනිඳු හසරංග
ඇන්ජලෝ මැතිව්ස්
දුෂ්මන්ත චමීර
කමිඳු මෙන්ඩිස්
ඇන්ඩි්‍ර ෆ්ලෙචර් - බටහිර ඉන්දීය කොදෙව් 
මොහොමඞ් හාරිස් - පාකිස්තානය 
දසුන් ශානක (85,000)
අසාම් ඛාන් (50,000) - පාකිස්තානය 
දිනේෂ් චන්දිමාල් (40,000)
මොහොමඞ් හස්නේයින් (30,000) - පාකිස්තානය 
චතුරංග ද සිල්වා (30,000)
අෂේන් බණ්ඩාර (28,000)
කසුන් රජිත (26,000)
ලක්ෂාන් සඳකැන් (20,000)
අඝා සල්මාන් (10,000) - පාකිස්තානය
මොහොමඞ් අලී (10,000) - පාකිස්තානය
රමේෂ් මෙන්ඩිස් (10,000)
දිමුත් කරුණාරත්න (10,000)
පවන් රත්නායක (5,000)
චමත් ගෝමස් (5,000)
කවිඳු පතිරත්න (5,000)
සම්මු අශාන් (5,000)


ජැෆ්නා කිංග්ස් 

කුසල් මෙන්ඩිස්
අවිෂ්ක ප්‍රනාන්දු
චරිත් අසලංක
විජයකාන්ත් වියස්කාන්ත් 
අස්මතුල්ලා ඔමර්සායි - ඇෆ්ඝනිස්තානය  
නූර් අහමඞ් - පාකිස්තානය
රිලී රූසෝව් (60,000) - දකුණු අප්‍රිකාව 
ජේසන් බෙරන්ඩොර්ෆ් (50,000) - ඕස්ටේ්‍රලියාව 
ධනංජය ද සිල්වා (50,000)
අසිත ප්‍රනාන්දු (40,000)
පැතුම් නිස්සංක (40,000)
ෆේබියන් ඇලන් (32,000) - බටහිර ඉන්දීය කොදෙව් 
අලෙක්ස් රොස් (20,000) - ඕස්ටේ්‍රලියාව  
ප්‍රමෝද් මදුෂාන් (20,000)
ළහිරු සමරකෝන් (13,000)
නිෂාන් මදුෂ්ක (10,000)
වනුජ සහන් (10,000)
විෂාද් රන්දික (5,000)
ඒෂාන් මාලිංග (5,000)
අහන් වික්‍රමසිංහ (5,000)
මර්වින් අභිනාෂ් (5,000)
අරුල් ප්‍රගාසම් (5,000)
තීෂාන් විතූෂාන් (5,000)
නිසල තාරක (5,000)


අදහස් (0)

එල්.පී.එල්. කණ්ඩායම්වල කුසල් ජනිත්ට ඉඩක් නෑ

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.