වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘බී’ කොටසේ ශූරතාව දිනා ගැනීමට මාස් සිලූටා ‘ඒ’ කණ්ඩායම ඊයේ (21 වැනිදා) සමත්විය. වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති අවසන් මහා තරගයේදී පවර්ටෙක් සිමෙන්ති කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගනිමින් ශූරතාව දිනාගැනීමට මාස් සිලූටා ‘ඒ’ කණ්ඩායම සමත්විය.
කාසියේ වාසිය දිනාගත් මාස් සිලූටා ‘ඒ’ කණ්ඩායම පළමුව පන්දුවට පහරදීම සදහා පවර්ටෙක් සිමෙන්ති කණ්ඩායමට ආරාධනා කළ අතර ඕවර 50 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 247 ක් රැස්කිරීමට ඔවුන් සමත්වූහ. ළහිරු ජයකොඩි (56) සහ දිනෙත් තිමෝද්‍ය (53) අර්ධ ශතක ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූහ.
ජයග්‍රහණය සදහා ලකුණු 248 ක ඉලක්කයක් හඹාගිය මාස් සිලූටා ‘ඒ’ කණ්ඩායම ඕවර 40.3 කදි කඩුලු 5 ක් දැවී ඉලක්කය පසුකිරීමට සමත්විය. ශෙහාන් ප්‍රනාන්දු (65) අර්ධ ශතකයක් ලබාගැනීමට සමත්විය.
පවර්ටෙක් සිමෙන්ති - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 247
(ළහිරු ජයකොඩි 56, දිනෙත් තිමෝද්‍ය 53, දසුන් සෙනෙවිරත්න 42, නිමන්ද මදුෂංක 32/2, බුද්ධික සංජීව 41/2, දුශාන් හේමන්ත 49/2)
මාස් සිලූටා ‘ඒ’ - ඕවර 40.3 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 249
(ශෙහාන් ප්‍රනාන්දු 65, ඉෂාන් නිලක්ෂ 47, නිමන්ද මදුෂංක 40, සංගීත් කුරේ නොදැවී 29, ඇංජලෝ එම්මානුවෙල් නොදැවී 24, තිලාන් නිමේෂ් 25/2, මාලිංග ද සිල්වා 41/2)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.