Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ළාබාලම එක්දින ක්‍රීඩිකාව විශ්මි

ළාබාලම එක්දින ක්‍රීඩිකාව විශ්මි

editorial - 2022 ජුලි මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අද (4 වැනිදා) පැවැත්වෙන කාන්තා එක්දින අන්තර්ජාතික තරගයේදී ශ්‍රී ලංකා හිස්වැස්ම ලද විශ්මි ගුණරත්න, ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින අන්තර්ජාතික ක්‍රිකට් වරම් දිනාගත් ළාබාලතම ක්‍රීඩිකාව වශයෙන් ක්‍රිකට් ඉතිහාසයට එක්වූවාය. ශ්‍රී ලංකා වර්ණ දිනාගන්නා විට ඇයගේ වයස අවුරුදු 16 යි දින 316 කි.

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවැනි කාන්තා එක්දින අන්තර්ජාතික තරගය අද පල්ලෙකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

විශ්මි, පසුගිය ජනවාරි මාසයේ මලයාසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවැති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සුදුසුකම් තේරීමේ තරගාවලියේදී විස්සයි-20 අන්තර්ජාතික වරම් දිනාගත්තාය. විස්සයි-20 අන්තර්ජාතික වරම් දිනාගත් ළාබලතම ක්‍රීඩිකාවද ඇයයි.


- 213


අදහස් (0)

ළාබාලම එක්දින ක්‍රීඩිකාව විශ්මි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.