Last Update  :  2024-04-19 19:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හේලීස් පිලට කඩුලු 5 ක ජයක්

හේලීස් පිලට කඩුලු 5 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2021 අප්‍රේ මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වෙළඳ සේවා ‘ඒ’ කොටසේ ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් අද (20 වැනිදා) පැවැති තරගයකදි හැටන් නැෂනල් බැංකු පිලට එරෙහිව කඩුලු 5 ක ජයක් හිමිකර ගැනීමට හේලීස් පිල සමත්විය. මෙම තරගය වෙළඳ සේවා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වුණි.

පෙරදින පැවැති වර්ෂාව හේතුවෙන් අද තරගය ආරම්භය ප්‍රමාද වූ අතර තරගයේ එක් පිලකට ඕවර 36 කට සිමාවිය.

කාසියේ වාසිය දිනූ හේලීස් පිල පළමුව පන්දුවට පහරදීම සඳහා හැටන් නැෂනල් බැංකු පිලට ආරාධනා කළ අතර ඕවර 32 කදී සියලුදෙනා දැවී ඔවුන්ට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 137 ක් පමණි.

දිල්ශාන් මුණවීර ලකුණු 32 ක්, සඳුන් වීරක්කොඩි ලකුණු 24 ක් සහ සවන් කණ්කානම්ගේ ලකුණු 18 ක් රැස්කළද සෙසු පිතිකරුවන්ට ලකුණු 15 සීමාව පසු කිරීමට හේලීස් පිලේ පන්දු යවන්නන්ගෙන් අවස්ථාවක් හිමිනොවූහ.

දක්ෂ පන්දු යැවීමක නිරතවූ ප්‍රභාත් ජයසූරිය ලකුණු 24 කට කඩුලු 4 ක් සහ චතුරංග ද සිල්වා ලකුණු 32 කට කඩුලු 4 ක් දවාගනිමින් හැටන් නැෂනල් බැංකු පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 138 ක ඉලක්කයක් හඹාගිය හේලීස් පිලේ පිතිකරුවෝ ඕවර 17.4 කදී කඩුලු 5 ක් දැවී ඉලක්කය පසුකර යෑමට සමත්වූහ.

අවිශ්ක ප්‍රනාන්දු පන්දු 29 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 5 ක් සමගින් ලකුණු 39 ක් රැස්කළ අතර සංතුෂ් ගුණතිලක ලකුණු 23 ක් සහ කිත්රුවන් විතානගේ ලකුණු 26 ක් රැස්කරමින් හේලීස් පිලේ ජයග්‍රහණයට අවශ්‍ය අඩිතාලම දැමූහ.

චතුරංග ද සිල්වා පන්දු 17 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් සමගින් නොදැවී ලකුණු 32 ක් රැස්කරමින් හේලීස් පිල ජයග්‍රහණය කරා රැගෙන ගියේය.

හැටන් නැෂනල් බැංකුව - ඕවර 32 කදී සියලුදෙනා දැවී 137
(දිල්ශාන් මුණවීර 32, සඳුන් වීරක්කොඩි 24, ප්‍රභාත් ජයසූරිය 25/4, චතුරංග ද සිල්වා 32/4)
හේලීස් - ඕවර 17.4 කදී කඩුලු 5 ක් දැවී 142
(අවිශ්ක ප්‍රනාන්දු 39, සංතුෂ් ගුණතිලක 23, කිත්රුවන් විතානගේ 26, චතුරංග ද සිල්වා නොදැවී 32, ලක්ෂිත මානසිංහ 29/2, චමිඳු විජේසිංහ 35/2)


අදහස් (0)

හේලීස් පිලට කඩුලු 5 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.