Last Update  :  2026-04-09 20:05:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 206 ක ජයක්

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 206 ක ජයක්

editorial - 2026 අප්‍රේ මස 09 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(රජන්ත බමුණුකොටුව)

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය විසින් සංවිධානය කරනු ලබන වයස අවුරුදු 19න් පහළ දෙවැනි කොටස ටියර් ‘බී’ අන්තර් පාසල් දෙදින ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය සමත්විය. මග්ගොන සරේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවති අර්ධ අවසන් පූර්ව තරගයේදී හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය විසින් බලපිටිය රේවත විද්‍යාලය ලකුණු 206 කින් පරාජය කරන ලදි.

ජයග්‍රහණය සඳහා ලකුණු 304 ක ඉලක්කයක් හඹාගිය බලපිටිය රේවත විද්‍යාලයේ දෙවැනි ඉනිම ඕවර 31.2 කදී ලකුණු 97කට සීමා කිරීමට ශ්‍රී සුමංගල විද්‍යාලයීය පන්දු යවන්නෝ සමත්වූහ. පළමු ඉනිමේදී දස්කම් දැක්වූ තරුන් දම්සිත් ලකුණු 38කට කඩුලු 5ක් දවාලූ අතර, සංජන නෙතුපුල් ලකුණු 18කට කඩුලු 4ක් දවාලීය.

 

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය - පළමු ඉනිම  92 යි
(පවනි නිරුක්ෂාන් 27, අමීෂ උපාද්‍ය 14/4, කළණ චමෝද් 9/3, ජැක් ශාක්‍ය 47/3)

බලපිටිය රේවත විද්‍යාලය - පළමු ඉනිම 116 යි
(ජැක් ශාක්‍ය 60, තරුන් දම්සිත් 23/7, ලතීන්ද්‍ර ආකාෂ් 43/2)

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලය - දෙවැනි ඉනිම කඩුලු 9 ක් දැවී 327 යි
(මාතන් ​​සුජිතරන් 86, සංජන නෙතුපුල් 67, ජමිත් මධුභාෂණ 42, කෞශල්‍ය සාරංග 36, චමුදු ධනංජය 23, තරුන් දම්සිත් 20, කළණ චමෝද් 85/4, සුදේෂ් මල්සර 42/2)

බලපිටිය රේවත විද්‍යාලය - දෙවැනි ඉනිම  97 යි

(අමීෂ උපාද්‍ය 24, තරුන් දම්සිත් 38/5, සංජන  නෙතුපුල් 18/4)

 

සංජන නෙතුපුල්                                                            තරුන් දම්සිත්


අදහස් (0)

හික්කඩුව ශ්‍රී සුමංගල විද්‍යාලයට ලකුණු 206 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.