Last Update  :  2025-12-23 21:19:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හලාවත මේරියන්ස්ට ලකුණු 320 ක ජයක්

හලාවත මේරියන්ස්ට ලකුණු 320 ක ජයක්

රොෂාන් ගුණරත්න - 2018 ජන මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ කටුනායක නිදහස් වෙළඳ කළාපීය ක්‍රීඩාංගණයේදී පැවැති තරගයකදී බදුරලිය කණ්ඩායමට එරෙහිව ලකුණු 320 ක ජයක් හිමිකර ගැනීමට හලාවත මේරියන්ස් කණ්ඩායම අද (4 වැනිදා) සමත්විය.


සචිත්‍ර සේරසිංහ (103) සහ ඕෂධ ප්‍රනාන්දු (නොදැවී 103) ශතක රැස්කරමින් පිත්තෙන්ද මාලින්ද පුෂ්පකුමාර ලකුණු 95 කට කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දක්විමින් හලාවත මේරියන්ස් කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්වූහ.

 

හලාවත මේරියන්ස් - පළමු ඉනිම - ඕවර 85.2 කදී සියලුදෙනා දැවී ලකුණු 371
(කසුන් විදුර 23, සචිත්‍ර සේරසිංහ 103, පුලින තරංග 70, ඉසුරු උදාන 41, මාලින්ද පුෂ්පකුමාර 31, තීක්ෂිල ද සිල්වා 20, අලංකාර අසංක 74/5, දිලේෂ් ගුණරත්න 91/3, දුවිඳු තිලකරත්න 80/2)


බදුරලිය - පළමු ඉනිම - ඕවර 47.3 කදී සියලුදෙනා දැවී ලකුණු 162
(පැතුම් නිස්සංක 42, නදීර නාවල 22, සංජය චතුරංග 39, මාලින්ද පුෂ්පකුමාර 40/5


හලාවත මේරියන්ස් - දෙවැනි ඉනිම - ඕවර 58 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 267
(කසුන් විදුර 78, ඕෂධ ප්‍රනාන්දු නොදැවී 103, සචිත්‍ර සේරසිංහ 51)


බදුරලිය - දෙවැනි ඉනිම - ඕවර 52.1 කදී සියලුදෙනා දැවී ලකුණු 156
(පැතුම් නිස්සංක 50, නදීර නාවල 26, මදුර ලක්මාල් 28, අසිත ප්‍රනාන්දු 22/3, සචිත්‍ර සේරසිංහ 49/3, මාලින්ද පුෂ්පකුමාර 55/3)


අදහස් (0)

හලාවත මේරියන්ස්ට ලකුණු 320 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.