අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බෙන්තොට ගාමිණි ජාතික පාසල සහ මීගමුව ලොයෙලා විදුහල අතර ගොඩිගමුව මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් කඩුලු 4 ක ජයක් අත්කර ගැනීමට ලොයෙලා විදුහල සමත් විය.
එහිදී ලොයෙලා විදුහලේ හංසජ විශ්වජිත් ඉනිම් දෙකේදී ලකුණු 109 ක් සහ නොදැවී ලකුණු 39 ක් රැස්කරමින් දක්ෂ පිතිහරඹයක නිතර වූ අතර එම විදුහලේම සමිඳු නෝනිස් ලකුණු 74 කට කඩුලු 9 ක් දවාගනිමින් පන්දුවෙන්ද දස්කම් දැක්වීය.
ගාමිණි ජාතික පාසල් පළමු ඉනිම - ඕවර 46.5 කදී සියලු දෙනා දැවී 159
(ජනිඳු දිනෙත් 29, ආකාෂ් ලෝචන 27, චාලක සමාදි 20, හෂේන් ලලින්ද්‍ර 34/4, සමිඳු නෝනිස් 40/4)
ලොයෙලා විදුහල් පළමු ඉනිම - ඕවර 51.1 කදී සියලු දෙනා දැවී 129
(හංසජ විශ්වජිත් 109, හෂේන් ලලින්ද්‍ර 29, සුදීර ද සොයිසා 28, තරිඳු සඳරුවන් 25, ඔමිල නිලුපුල් 41/4, උෂ්මික ප්‍රසන්ජිත් 49/4)
ගාමිණි ජාතික පාසල් දෙවැනි ඉනිම - ඕවර 38.4 කදී සියලු දෙනා දැවී 139
(උෂ්මික ප්‍රසන්ජිත් නොදැවී 79, ඔමිල නිලුපුල් 21, සමිඳු නෝනිස් 34/5, ස්ටෙෆාන් ප්‍රනාන්දුපුල්ලේ 22/2, හෂේන් ලලින්ද්‍ර 52/2)
ලොයෙලා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 20.3 කදී කඩුලු 6 ක් දැවී 80
(හංසජ විශ්වජිත් නොදැවී 39, චමිල කිත්මල් 35/4)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.