Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මහනුවර ශාන්ත අන්තෝනි විදුහල අතර වයස 17 න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරගය හෙට (14 වැනිදා) මීගමුව, කදිරාන ක්‍රීඩාංගණයේදී පැවැතවේ.
පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී මහනුවර ධර්මරාජ විදුහල පරාජය කරමින් ශාන්ත සෙබස්තියන් විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය. ශාන්ත අන්තෝනි විදුහල අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ පෙර අර්ධ අවසන් පූර්ව වටයේදී කොළඹ ඉසිපතන විදුහල පරාජය කරමිනි.
නිෂිත අභිලාෂ් ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරන අතර අතර තීක්ෂ ගුණසිංහ ශාන්ත අන්තෝනි විදුහල් කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කරයි.
ශාන්ත සෙබස්තියන් විදුහල් කණ්ඩායම -
නිෂිත අභිලාෂ් (නායක), ප්‍රවීන් කුරේ, ළහිරු ප්‍රනාන්දු, ශනෙල් ප්‍රනාන්දු, ජනිෂ්ක පෙරේරා, ශෂික පෙරේරා, ශෙනාල් පෙරේරා, තදුල සිල්වා, රුමේෂ් මෙන්ඩිස්, නදීර ප්‍රනාන්දු, නිපුන් පෙරේරා, තරුෂ අපොන්සු, රජීව් සල්ගාදු, තරිඳු සිල්වා, ෆ්‍රෑන්ක් කුරේ මහතා (ක්‍රීඩා භාර අචාර්ය) සහ ඉමාල් බෙතේජු මහතා (පුහුණුකරු)
ශාන්ත අන්තෝනි විදුහල් කණ්ඩායම -
තීක්ෂ ගුරුසිංහ (නායක), තමාෂන අබේකෝන්, මොහොමඞ් කමිල්, මොහොමඞ් රුක්ෂාන්, ප්‍රමුදිත් පණ්ඩිතරත්න, ලසිත් වෙරැල්ලෙගම, ගයාන් කවිෂ්ක, නිපුන් අශොක්, සවින් වීරසිංහ, ගිහාන් අචින්ත, තරිඳු ලමාහේවගේ, චාමික සමරසිංහ, සසිත් හිරුදික, කල්හාර සේනාරත්න, නවෝද්‍ය විජේකුමාර, නිස්ෂංක විජේසිංහ මහතා (ක්‍රීඩා භාර අචාර්ය) සහ සම්පත් පෙරේරා (පුහුණුකරු)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.