Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සෙනෙරගේ ශතකය ආනන්ද විදුහලට ජය ගෙනෙයි

සෙනෙරගේ ශතකය ආනන්ද විදුහලට ජය ගෙනෙයි

රොෂාන් ගුණරත්න - 2018 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සෙනෙර කුඩාගම (130) ලබාගත් ශතකය හමුවේ ‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී පානදුර ශ්‍රී සුමංගල විදුහලට එරෙහිව ලකුණු 86 ජයක් හිමිකර ගැනීමට කොළඹ ආනන්ද විදුහල ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය ආනන්ද විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

විනුජ විජේබණ්ඩාර (59) සහ දසුන් තාරක (50) අර්ධ ශතක රැස්කරමින් ආනන්ද විදුහල ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා රැගෙන යාමට දායකවූ අතර ශ්‍රී සුමංගල විදුහලේ ලකිඳු ප්‍රනාන්දු කඩුලු 3 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.

මිහිරංග ප්‍රනාන්දු (86) සහ ඉමෙත් ගම්පොල (54) අර්ධ ශතක රැස්කරමින් පිත්තෙන් දස්කම් දැක්වුවද ශ්‍රී සුමංගල විදුහල ජයග්‍රහණය කරා රැගෙන යාමට අපොහොසත් වූහ.

අදීශ පෙරේරා කඩුලු 3 ක් සහ කණිෂ්ක රංතිලකගේ කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ආනන්ද විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 309
(සෙනෙර කුඩාගම 130, විනුජ විජේබණ්ඩාර 59, දසුන් තාරක 50, ලකිඳු ප්‍රනාන්දු 57/3)

ශ්‍රී සුමංගල විදුහල - ඕවර 50 කදී කඩුලු 8 ක් දැවී 223
(මිහිරංග ප්‍රනාන්දු 86, ඉමෙත් ගම්පොල 54, අදීශ පෙරේරා 28/3, කණිෂ්ක රංතිලකගේ 40/2)


අදහස් (0)

සෙනෙරගේ ශතකය ආනන්ද විදුහලට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.