Last Update  :  2025-09-04 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුරදූත බාලිකාවන්ට කඩුලු 6 ක ජයක්

සුරදූත බාලිකාවන්ට කඩුලු 6 ක ජයක්

Nisanka Sandeepani - 2017 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වයස 19 න් පහළ බාලිකා සීමීත ඕවර ක්‍රිකට් තරගාවලියේ මූලීක වටයේ තරගයකදී වේයන්ගොඩ මාරපොල මහා විද්‍යාලයට එරෙහිව කඩුලු 6 ක ජයක් ලබාගැනීමට කුලියාපිටිය සුරදූත බාලිකා මහා විද්‍යාලය අද (07 වැනිදා) සමත්විය. මෙම තරගය වේයන්ගොඩ මාරපොල මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

කුලියාපිටිය සුරදූත බාලිකා මහා විද්‍යාලයේ සිතුමිණී පිරීස් (නොදැවී 50) අර්ධ ශතකයක් ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර මනීෂා සපුමිණි ලකුණු 35 කට කඩුලු 3 ක් සහ නොදැවී ලකුණු 23 ක් ලබාගනිමින් තුන් ඉරියව් දස්කම් දැක්වූවාය.
මෙම තරග ඕවර 25 කට සීමාකර ඇත.

මාරපොල මහා විද්‍යාලය - ඕවර 25 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 145
(නිමේෂා විජේසූන්දර 88, මනීෂා සපුමිණි 35/3, නෙත්මී අභිෂේකා 30/2)

සුරදූත බාලිකා විද්‍යාලය - ඕවර 21.5 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 146
(සිතුමිණී පිරීස් නොදැවී 50, මනීෂා සපුමිණි නොදැවී 23, නිපුනි නවෝද්‍යා 32/3)


අදහස් (0)

සුරදූත බාලිකාවන්ට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.