Last Update  :  2026-01-05 19:27:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුපිරි වටයේ තරගාවලියට විදේශීය විනිසුරුවරුන් ඉල්ලයි

සුපිරි වටයේ තරගාවලියට විදේශීය විනිසුරුවරුන් ඉල්ලයි

editorial - 2026 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ෂේන් සෙනෙවිරත්න)

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ ලීග් රග්බි ශූරතා තරගාවලියේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත සුපිරි වටයේ තරඟ සඳහා විදේශීය තරඟ තීරකවරුන් ලබා දෙන ලෙස ශ්‍රී ලංකා පාපන්දු සංගමය විසින් ආසියානු රග්බි සංගමය වෙත ලිපියක් යොමු කොට තිබේ.

ශ්‍රී ලංකා රග්බි පාපන්දු සංගමයේ සභාපති පවිත්‍ර ප්‍රනාන්දු මහතා පවසන්නේ ක්ෂණික අතුරු පියවරක් ලෙස දේශීය පාලක මණ්ඩලය වෙත එම ඉල්ලීම ඉටු කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති බවයි.

ඉතාමත් උණුසුම් තීරණාත්මක තරඟ වලදී මධ්‍යස්ථභාවය පවත්වා ගැනීමේදී දේශීය විනිසුරු සංචිතයට යොමු වී ඇති පීඩනය අවම කිරීම සහ දීර්ඝකාලීන විනිසුරු සංවර්ධන ප්‍රතිසංස්කරණ වලට අනුපූරක වීම සඳහා මෙම පියවර ගෙන ඇති බව ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපතිවරයා පවසයි.

ඉකුත්දා නිත්තවෙලදී පැවති මහනුවර ක්‍රීඩා සමාජ පිලත් සී. එච්. සහ එෆ්. සී. ක්‍රීඩා සමාජ පිලත් අතර ජය  පැරදුමෙන් තොරව නිමා වූ තරඟයේ විනිසුරු තීරණ සම්බන්ධයෙන් දැඩි මතභේදාත්මක තත්ත්වයක් උද්ගත විය.


අදහස් (0)

සුපිරි වටයේ තරගාවලියට විදේශීය විනිසුරුවරුන් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.