Last Update  :  2025-09-04 14:49:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සුධීර - රවින් - පැතුම් දේවපතිරාජට ජය ගෙනෙති

සුධීර - රවින් - පැතුම් දේවපතිරාජට ජය ගෙනෙති

සංජය එරමුදුගොඩ - 2017 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ දෙවැනි කොටසේ තරගයකදී කොළඹ අශෝක විද්‍යාලයට එරෙහිව ඉනිමක සහ ලකුණු 171 ක ජයක් ලබාගැනීමට රත්ගම දේවපතිරාජ විද්‍යාලය අද (26 වැනිදා) සමත්විය. මෙම තරගය රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සුධීර වීරරත්න ද්විත්ව ශතකයට ලකුණු 15 ක් මෙපිටින් දැවීගිය අතර තුන් ඉරියව් දස්කම් පෑ රවීන් යසස් (136) ශතකයක් තරගය පුරා පන්දුවෙන් දස්කම් දක්වමින් ලකුණු 36 කට කඩුලු 8 ක් දවාගැනීමට සමත්විය. දෙවැනි ඉනිමේදී විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ පැතුම් මදුශංක ලකුණු 30 කට කඩුලු 5 ක් දවාගනිමින් අශෝක විද්‍යාලය අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්විය.


අශෝක විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 45 කදී සියලුදෙනා දැවී ලකුණු 180
(ලසිත් විතානගේ 52, විමුක්ති සංදීප 43, රවීන් යසස් 30/5, හිරුෂ්ක තිමිර 30/3)

දේවපතිරාජ විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 91 කදී සියලුදෙනා දැවී ලකුණු 429
(සුධීර වීරරත්න 185, රවින් යසස් 136, ලසිත විතානගේ 54/3, තරංග සම්පත් 146/3, පංචාල සංදීපන 10/2)

අශෝක විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 28.4 කදී සියලුදෙනා දැවී ලකුණු 78
(විමුක්ති සංදිප නොදැවී 28, පැතුම් මදුශංක 30/5, රවීන් යසස් 06/3, තිසිර ඩිල්ෂාන් 27/2)


අදහස් (0)

සුධීර - රවින් - පැතුම් දේවපතිරාජට ජය ගෙනෙති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.