Last Update  :  2026-01-19 17:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී.එච්. ක්‍රීඩකයෝ ශ්‍රී ලයන්ස් පිල මඩවති

සී.එච්. ක්‍රීඩකයෝ ශ්‍රී ලයන්ස් පිල මඩවති

editorial - 2026 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ (2025-26) දසවැනි සතියේ තරගයක් ලෙස සී.එච්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජය අතර අද (18 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 59-12 ක පහසු ජයක් වාර්තා කිරීමට සී.එච්. කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී සී.එච්. කණ්ඩායම ලැබූ පස්වැනි ජයග්‍රහණය මෙය විය. 

ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට ලකුණු 33-07 ක් ලෙස සී.එච්. ක්‍රීඩකයෝ පෙරමුණ ගත්හ. එහිදී සී.එච්. කණ්ඩායම ගෝල දිනුම් 4 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් අතර ශ්‍රී ලයන්ස් කණ්ඩායම ලකුණු ලබාගත්තේ ගෝල දිනුමක් මගිනි. 

දෙවැනි අර්ධය තුළ සී.එච්. කණ්ඩායම ගෝල දිනමු 3 ක් සහ උත්සාහක දිනුමක් මගින් සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 26 ක් එකකර ගැනීමට සමත් වෙද්දී, ශ්‍රී ලයන්ස් කණ්ඩායමට උත්සාහක දිනුමක් මගින් ලබාගත හැකි වූයේ ලකුණු 5 ක් පමණි. ඒ අනුව තරගයේ නියමිත කාලය අවසන් වන විට සී.එච්. ක්‍රීඩකයෝ ලකුණු 59-12 ක් ලෙස තරගයේ ජය තමන් සතුකර ගත්හ.
 


අදහස් (0)

සී.එච්. ක්‍රීඩකයෝ ශ්‍රී ලයන්ස් පිල මඩවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.