Last Update  :  2026-01-19 17:43:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී.ආර්. ක්‍රීඩකයෝ ගුවන් හමුදාව පරදවති

සී.ආර්. ක්‍රීඩකයෝ ගුවන් හමුදාව පරදවති

editorial - 2026 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

ශ්‍රී ලංකා රග්බි සංගමය සංවිධානය කරන අන්තර් සමාජ පළමු පෙළ රග්බි ලීගයේ (2025-26) දසවැනි සතියේ තරගයක් ලෙස සී.ආර්. ඇන්ඩ් එෆ්.සී. ක්‍රීඩා සමාජය සහ ගුවන් හමුදාව අතර පෙරේදා (17 වැනිදා) පැවැති තරගයෙන් ලකුණු 38-05 ක පහසු ජයක් වාර්තා කිරීමට සී.ආර්. කණ්ඩායම සමත් විය. මෙවර තරගාවලියේදී සී.ආර්. කණ්ඩායම ලැබූ අටවැනි ජයග්‍රහණය මෙය විය. 

සී.ආර්. කණ්ඩායමේ නිවස්න ක්‍රීඩාංගණය වූ ලොන්ඩන් පෙදෙස සී.ආර්. ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු අර්ධය නිමාවට පත් වන විට ලකුණු 19-05 ක් ලෙස සී.ආර්. ක්‍රීඩකයෝ පෙරමුණේ පසුවූහ. එහිදී සී.ආර්. කණ්ඩායම ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් ලකුණු ලබාගත් අතර ගුවන් හමුදාව ලකුණු ලබාගත්තේ උත්සාහක දිනුමක් මගිනි. 

දෙවැනි අර්ධයේදී ගුවන් හමුදා ක්‍රීඩකයන්ට එකදු ලකුණක් හෝ ලබාගැනීමට ඉඩක් ලබා නොදුන් සී.ආර්. ක්‍රීඩකයෝ ගෝල දිනුම් 2 ක් සහ උත්සාහක දිනුමක් මගින් සිය ලකුණු සංඛ්‍යාවට තවත් ලකුණු 19 ක් එක්කර ගැනීමට සමත් වූහ. මෙම තරගයේදී සී.ආර්. කණ්ඩායමේ ජයතු රාජරත්න සහ ගුවන් හමුදා කණ්ඩායමේ ගයන්ත ඉද්දමල්ගොඩ විනිසුරුගේ අවවාද සමග කහ කාඩ්පත් ලැබූහ. 

සී.ආර්. කණ්ඩායම වෙනුවෙන් විදෙස් ක්‍රීඩක සෞෆා බිලිවනුවා උත්සාහක දිනුම් 2 ක්ද, චෙමොද් මුතුනායක, ඔමල්ක ගුණරත්න, විෂේන්ක සිල්වා සහ නවීන් මාරසිංහ උත්සාහක දිනුම බැගින්ද ලබාගත් අතර ඉන් උත්සාහක දිනුම් 2 ක ප්‍රවර්ථනය සාර්ථක කරගැනීමට සුබේර් දොරේ සමත් විය. ගුවන් හමුදාව වෙනුවෙන් වාර්තා වූ එකම උත්සාහක දිනුමට හිමිකම් කියනු ලැබුවේ ශාමික කෞෂාන් විසිනි.   


අදහස් (0)

සී.ආර්. ක්‍රීඩකයෝ ගුවන් හමුදාව පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.