Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී. ආර්. පිල 27-24 කින් නාවික හමුදාව පරදවයි

සී. ආර්. පිල 27-24 කින් නාවික හමුදාව පරදවයි

යොහාන් භාසුර - 2020 ජන මස 18 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ අවසන් සහ හත්වැනි සතියේ තෙවැනි තරගය ලෙස සී. ආර්. පිටියේදී අද (18) පැවැති තරගයේදී සත්කාරක සී. ආර්. ක්‍රීඩකයෝ ලකුණු 27-24 කින් නාවික හමුදාව පරාජය කරමින් තියුණු ජයක් ලැබූහ.

මෙය සී. ආර්. පිල මෙවර තරගාවලියේ ලැබූ පස්වැනි ජය වන අතර සී. ආර්. පිලට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණීමේ අවස්ථාව ලැබීමට ඉඩ තිබේ.

ජාතික කණ්ඩායම නියෝජනය කළ රීසා රෆයිඩීන් උත්සාහක දිනුමක්, දඩුවම් පහර දෙකින් සහ ගෝල ප්‍රවර්ථන තුනකින් ලකුණු 17 ක් රැස්කරමින් තරගයේ වීරයා බවට පත්විය.  
 
සී. ආර්. පිලට තුන්වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර රීසා රෆයිඩීන් සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව ක්‍රියාත්මක විය.

ඉසුරු කෝන්ගහවත්ත දක්‍ෂ ලෙස නාවික හමුදා පිලට 8 වැනි මිනිත්තුවේදී දඩුවම් පහරක් සාර්ථක කළේය. ඒ ලකුණු පුවරුව 3-3 ක් ලෙස සම විය.

මිනිත්තු 16 ක නිහඩතාවකින් පසුව චරිත් ජනිත, නාවික හමුදා පිලට උත්සාහක දිනුමක් එකතු කළේය. එහි ගෝල ප්‍රවර්ථනය ඉසුරු කෝන්ගහවත්ත සාර්ථක කිරීමත් සමඟ නාවික හමුදාව ලකුණු 10-3 ක් ලෙස පෙරමුණ ගත්තේය.

සී. ආර්. පිලට 31 වැනි මිනිත්තුවේ සිට 39 වැනි මිනිත්තුව දක්වා මිනිත්තු අටක් තුළ ගෝල දෙකක් එකතු වීමෙන් පළමු අර්ධය අවසන් වන විට සී. ආර්. පිල ලකුණු 17-10 ක් ලෙස පෙරමුණ ගෙන සිටියේය.

රීසා රෆයිඩීන් 31 වැනි මිනිත්තුවේදී ද, අෂේන් බණ්ඩාර 39 වැනි මිනිත්තුවේදී ද, සී. ආර්. පිලට උත්සාහක දිනුම බැගින් එකතු කළහ. රීසා රෆයිඩීන් ගෝල ප්‍රවර්ථන සම්පූර්ණ කළේය.

දෙවැනි අර්ධයේ තුන්වැනි මිනිත්තුවේදී ජනිත් ඩිල්ෂාන් සම්පූර්ණ කළ උත්සාහක දිනුමට රීසා රෆයිඩීන් අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 24-10 ක් බවට පත්විය.

තනූජ මාලිම්බඩ දෙවැනි අර්ධයේ 14 වැනි මිනිත්තුවේදී එකතු කළ උත්සාහක දිනුම ඉසුරු කෝන්ගහවත්ත ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු පුවරුව 24-17 ක් බවට පෙරලුණි.
සී. ආර්. පිලට ඉන් මිනිත්තු තුනට පසුව රීසා රෆයිඩීන් සාර්ථක කළ දඩුවම් පහරත් සමඟ ලකුණු තත්ත්වය 27-17 ක් බවට පත්විය.


අදහස් (0)

සී. ආර්. පිල 27-24 කින් නාවික හමුදාව පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.