Last Update  :  2024-04-26 21:01:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සී. ආර්. 30-17 කින් හැව්ලොක්ස් පරදවයි

සී. ආර්. 30-17 කින් හැව්ලොක්ස් පරදවයි

යොහාන් භාසුර - 2020 පෙබ මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඩයලොග් කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ තරගයකදී සී. ආර්. ඇන්ඞ් එෆ්. සී. පිල විසින් ලකුණු 30-17 කින් හැව්ලොක්ස් පිල පරාජය කරන ලදි. මෙම තරගය අද ලොන්ඩන් පෙදෙසේදී පැවැත්විණ.

මෙය සී. ආර්. පිල මෙවර තරගාවලියේ ලැබූ හත්වැනි ජය වන අතර සී. ආර්. ක්‍රීඩකයෝ අතිරේක ප්‍රසාද ලකුණ ද හිමිකරගත්හ. සී. ආර්. ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 13-3 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටියහ.

හැව්ලොක්ස් පිලට සිවුවැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර ප්‍රින්ස් චාමර සාර්ථක කිරීමත් සමඟ ලකුණු පුවරුව ක්‍රියාත්මක විය. එතැන් සිට මිනිත්තු 20 ක් දෙපිල අතර පන්දුව හුවමාරු වුවද ලකුණු පුවරුව ක්‍රියාත්මක නොවීය.

ජනිඳු ඩිල්ෂාන් 24 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ සී. ආර්. පිල ලකුණු 5-3 ක් ලෙස පෙරමුණ ගත්තේය. සී. ආර්. පිලේ නායක ප්‍රබල ක්‍රීඩක ඔමල්ක ගුණරත්න 28 වැනි මිනිත්තුවේදී කහ කාඞ්පත් අවවාදයක් ලබා මිනිත්තු පහක් පිටියෙන් ඉවත්ව සිටීම සී. ආර්. පිලට දැඩි පාඩුවක් බවට පත්විය.  එහෙත්  සී. ආර්. පිල 32 වැනි මිනිත්තුවේ සිට 36 වැනි මිනිත්තුව දක්වා කාලයේදී උත්සහක දිනුමකින් සහ දඩුවම් පහරකින් ලකුණු අටක් එකතු කරගනිමින් ලකුණු 13-3 ක් ලෙස තව දුරටත් ශක්තිමත් විය.
එහිදී රීසා රෆයිඩීන් උත්සාහක දිනුම සී. ආර්. පිලට එකතු කළ අතර මුර්ෂිඞ් සුබයිර් දඩුවම් පහර සාර්ථක කළේය.

දෙවැනි අර්ධයේ හයවැනි මිනිත්තුවේදී දිනුක් අමරසිංහ සී. ආර්. පිලට තෙවැනි උත්සාහක දිනුම එකතු කිරීමත් සමඟ ලකුණු තත්ත්වය 18-3 ක් ලෙස වෙනස් විය. ජනිඳු ඩිල්ෂාන් සිය දෙවැනි උත්සාහක දිනුම් දායකත්වය 52 වැනි මිනිත්තුවේදී සී. ආර්. පිලට මුසුකිරීමෙන් ලකුණු පුවරුව 23-3 ක් බවට පත්විය.

ශව්කට් ලාහිර් 57 වැනි මිනිත්තුවේදී හැව්ලොක්ස් පිලට එකතු කළ උත්සාහක දිනුම සන්තුෂ් අල්ගම ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමෙන් ලකුණු තත්ත්වය 23-10 ක් විය.
 
සී. ආර්. නායක ඔමල්ක ගුණරත්න 73 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමට රීසා මුබාරක් අතිරේක ලකුණු එකතු කිරීමත් සමඟ සී. ආර්. ලකුණු සංඛ්‍යාව 30 ක් දක්වා ඉහළ ගියේය.

හැව්ලොක්ස් පිලට විමුක්ති රාහුල 78 වැනි මිනිත්තුවේදී දෙවැනි උත්සාහක දිනුම සම්පූර්ණ කළේය. සන්තුෂ් අල්ගම එය ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ අවසන් ලකුණු තත්ත්වය 30-17 ක් විය.   

 


අදහස් (0)

සී. ආර්. 30-17 කින් හැව්ලොක්ස් පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.