Last Update  :  2025-05-05 18:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිනමා නළු සචින් දඹුල්ල මිලදි ගනී

සිනමා නළු සචින් දඹුල්ල මිලදි ගනී

editorial - 2020 නොවැ මස 15 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ දඹුල්ල කණ්ඩායම බොලිවුඞ් නළුවෙකු හා කෝටිපති ව්‍යාපාරිකයෙකු වන සචින් ජෝෂි විසින් මිළදී ගනුලැබ ඇත. ඒස මගින් දඹුල්ල ලයන්ස් ලෙසින් හැඳින්වුණ කණ්ඩායමේ නම, දඹුල්ල වයිකින්ස් ලෙස වෙනස් කර තිබේ.

දසුන් ශානක නායකත්වය දරණ දඹුල්ල වයිකිංග් කණ්ඩායම මිලදී ගැනීම සඳහා මුදල් ආයෝජනය කර ඇත්තේ සචින් ජෝෂි හිමිකාරත්වය දරණ ‘වයිකිංග් වෙන්චර්ස්’ සමාගමයි. කාලෝස් බ්‍රැත්වෙයිට් සහ සමිත් පතෙල් මෙම කණ්ඩායමේ විදේශීය ක්‍රීඩකයෝ වෙති.

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට එක්වන මහනුවර ටස්කර්ස් පිල සල්මන් ඛාන්ගේ පවුලේ සාමාජිකයන් හිමිකාරිත්වය දරණ සොහෙල් ඛාන් ඉන්ටර්නැෂනල් එල්.එල්.පී සමාගම විසින් මිලදී ගන්නා ලදි. බොලිවුඞ් තරුවක් වන සල්මාන් ඛාන්ගේ පියා සලීම් ඛාන් සහ බාල සොහොයුරු සොහේල් ඛාන් මෙම සමාගමට ආයෝජනය කර ඇත.

දඹුල්ල වයිකිංග් පිලේ පුහුණුකරු ලෙස ජෝන් ලුවිස් මහතා තෝරාගෙන සිටියද අලුත් හිමිකරු පැමිණිමත් සමගින් ජෝන් ලුවිස් මහතා වෙනුවට ඕවසිස් ෂා ප්‍රධාන පුහුණුකරු ලෙස පත්කර ඇත. කණ්ඩායමේ සංයුතියේ තවත් වෙනස්කම් කිහිපයක් කිරීමට අලුත් හිමිකරු බලාපොරොත්තු වන අතර කම්රන් අක්මාල් ඇතුළු පාකිස්තාන ක්‍රීඩකයින් කිහිප දෙනෙකු කණ්ඩායමට එකතු කිරීමට නියමිතව ඇත.

එල්.පී.එල් සඳහා එක්වන විදෙස් ක්‍රීඩකයින් දින 7 ක නිරෝධායනය කාළයක් ගතකළ යුතු අතර මෙම කාල සීමාව තුළදී ක්‍රීඩකයන්ට ජෛව බුබුල තුළ පුහුණුව ලබා ගත හැකිය.

ඉන්දියාවේ සෝනි ස්පෝර්ට්ස් සමාගම විසින් එල්.පී.එල් තරගාවලි විකාශනය කිරීමේ අයිතිය ලබාගෙන ඇති අතර සියලුම තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. රට තුළ බහුලව දක්නට ලැබෙන කොරෝනා වයිරස් රෝගය හේතුවෙන් එල්.පී.එල් තරගාවලිය දැඩි සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ සහ ජෛව ආරක්ෂිත බුබුලක් යටතේ පැවැත්වේ.


- 2079


අදහස් (0)

සිනමා නළු සචින් දඹුල්ල මිලදි ගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.