Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
පාසල් රග්බි සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි සතිය යටතේ ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල සහ කටුගස්තොට ශාන්ත අන්තෝනි විදුහල අතර අද (30) කොළඹ හැව්ලොක්ස් පිටියේදී පැවැති තරගයෙන් සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ ලකුණු 25-10 ක පහසු ජයක් ලැබීමට සමත් වූහ.
ජයග‍්‍රාහි සාන්ත තෝමස් විදුහල් පිල ගෝලයකින්, උත්සාහක දිනුම් තුනකින් සහ දඩුවම් පහරකින් ලකුණු ලැබූ අතර ශාන්ත අන්තෝනි විදුහලට ගෝලයකින් සහ දඩුවම් පහරකින් ලකුණු එකතු විය.
පළමු මිනිත්තුවේදී ශාන්ත අන්තෝනි විදුහලේ බී. එම්. ජයතිස්ස උත්සාහක දිනුම් සම්පූර්ණ කරමින් එහි ගෝල ප‍්‍රවර්ථනය ද සාර්ථක කරමින් ලකුණු පුවරුව ක‍්‍රියාත්මක කිරීමට සමත් විය.
ශාන්ත අන්තෝනි විදුහල පළමු අර්ධ අවසන් වන විට ලකුණු 10-5 ක් ලෙස පෙරමුණේ පසුවුවද සාන්ත තෝමස් විදුහල් ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී පෙරමුණට පැමිණීමට සමත් වූහ.
සාන්ත තෝමස් විදුහලට එස්. ජේ. කේ. පෙරේරා, ජේ. කසුන්, ඒ. එච්. ආර්. සේනානායක සහ එස්. ජයතිලක උත්සාහක දිනුම බැගින් එකතු කිරීමට සමත් වූහ. එච්. වල්පොල දඩුවම් පහර සහ ගෝල ප‍්‍රවර්ථනය සාර්ථක කළේය.
ශාන්ත අන්තෝනි විදුහලේ දඩුවම් පහර එස්. එන්. ගුණසිංහ සාර්ථක කළේය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.