Last Update  :  2024-05-06 15:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ස්ටෝක්ස් වෙනුවට ඩේවිඩ් මැලන් කැඳවයි

ස්ටෝක්ස් වෙනුවට ඩේවිඩ් මැලන් කැඳවයි

සංජය එරමුදුගොඩ - 2018 ජන මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අළුබඳුන තරගාවලියෙන් අනතුරුව ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද එංගලන්ත සංචිතයට තුන් ඉරියව් ක්‍රීඩක බෙන් ස්ටෝක්ස් වෙනුවට මුල් පෙළ පිතිකරුඩේවිඩ් මැලන් ඇතුළත් කිරීමට එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

බ්‍රිස්ටල්හි රාත්‍රී සමාජ ශාලවක් තුළදී ඇතිවූ ගැටුමකට සම්බන්ධ වීම නිසා එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය, ස්ටෝක්ස්ට තාවකාලික ජාත්‍යන්තර තරග තහනමක් පනවා ඇති බැවින් ඔහුට මෙම තරගාවලියද අහිමිවනු ඇත.
 
අළුබඳුන තරගාවලිය සඳහා මෙන්ම එක්දින තරගාවලිය සඳහාද ස්ටොක්ස් නම් කර තිබුණද,  ඔහුට එරෙහිව එල්ල වී ඇති චෝදනා වලින් නිදහස්වන තෙක් ඔහුව කණ්ඩායමට ඇතුළත් කර නොගන්නා බවට කණ්ඩායම් කලමණාකාරීත්වය ස්ටෝක්ස්ට දැනුම් දී තිබේ.

මේ වන විට 30 වැනි වියේ පසුවන ඩේවිඩ් මැලන් තවමත් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයකට ක්‍රීඩා කර නොමැති අතර ජූනි මාසයේදී දකුණු අප්‍රිකාවට එරෙහිව විස්සයි20 ජාත්‍යන්තර වරම් දිනාගත්තේය. මෙවර අළුබඳුන තරගාවලියේදී ටෙස්ට් වරම් දිනාගත් ඔහු ඕස්ටේ්‍රලියාවට එරෙහිව පැවැත්වෙන එක්දින තරගාවලියේදී එක්දින වරම් දිනාගැනීමට නියමිතටය.

මිඞ්ල්සෙක්ස් ප්‍රාන්තය නියෝජනය කරන මැලන් එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පර්ත්හිදී පැවැති ටෙස්ට් තරගයේදී සිය මංගල ශතකය ලබාගත් අතර මේ දක්වා ඉනිම් 7 කදී ඔහු රැස්කරගෙන සිටින ටෙස්ට් ලකුණු සංඛ්‍යාව 316 කි.  

දෙරට අතර පැවැත්වෙන එක්දින තරගාවලිය තරග 5 කින් සමන්විත වන අතර එහි පළමු තරගය ජනවාරි මස 14 වැනිදා මෙල්බර්න්හිදී පැවැත්වීමට නියමිතය.  


- 036

 


අදහස් (0)

ස්ටෝක්ස් වෙනුවට ඩේවිඩ් මැලන් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.