Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සචිර මාතර තෝමසුවන්ට ජය ගෙනෙයි

සචිර මාතර තෝමසුවන්ට ජය ගෙනෙයි

රොෂාන් ගුණරත්න - 2018 මැයි මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කළුතර විද්‍යාලයට එරෙහිව ලකුණු 21 ජයක් හිමිකර ගැනීමට මාතර ශාන්ත තෝමස් විදුහල ඊයේ (30 වැනිදා) සමත්විය. මෙම තරගය කළුතර මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සචිර රශ්මික ලකුණු 31 කට කඩුලු 4 ක් දවාගනිමින් මාතර ශාන්ත තෝමස් විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත්විය.

ශා.තෝමස් විදුහල - ඕවර 38.3 කදී සියලුදෙනා දැවී 133
(සචින්ත ගිම්හාන් නොදැවී 47, හිරූෂ ජීවජිත් 38, අවිශ්ක ලක්ශාන් 20/2, ප්‍රවීන් ප්‍රනාන්දු 17/2)

කළුතර විද්‍යාලය - ඕවර 45 කදී සියලුදෙනා දැවී 112
(ක්‍රිශංග විහඟ 29, සචිර රශ්මික 31/4, මෝශිත අප්සර 11/2)


අදහස් (0)

සචිර මාතර තෝමසුවන්ට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.