Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සංකල්පගේ පන්දු යැවීම රිච්මන්ඞ්ට ජය ගෙනෙයි

සංකල්පගේ පන්දු යැවීම රිච්මන්ඞ්ට ජය ගෙනෙයි

රොෂාන් ගුණරත්න - 2018 ජුනි මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

හර්ෂණ සංකල්පගේ (19/7) විශිෂ්ට පන්දු යැවීම හමුවේ ‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී බලපිටිය රේවත විදුහලට එරෙහිව ලකුණු 54 ක ජයක් හිමිකර ගැනීමට ගාල්ල රිච්මන්ඞ් විදුහල ඊයේ (4 වැනිදා) සමත්විය. මෙම තරගය කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

සහන් සංකල්ප සහ චාමර ප්‍රියදර්ශණ කඩුලු 3 බැගින් දවාගනිමින් බලපිටිය රේවත විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

රිච්මන්ඞ් විදුහල - ඕවර 36 කදී සියලුදෙනා දැවී 131
(නිර්මාල් උඩුගම්පොල 21, ඉනුර ප්‍රභාෂ් 20, සහන් සංකල්ප 22/3, චාමර ප්‍රියදර්ශණ 28/3, රමේෂ් මදුශංක 32/2)

රේවත විදුහල - ඕවර 27.3 කදී සියලුදෙනා දැවී 77
(සඳීප් දුල්ශාන් 26, හර්ෂණ සංකල්ප 19/7)


අදහස් (0)

සංකල්පගේ පන්දු යැවීම රිච්මන්ඞ්ට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.