Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
‘සිංගර් කුසලාන’ වයස 19 න් පහළ ක්‍රිකට් තරගාවලියේ II වැනි කොටසේ තරගයකදී මහරගම ජනාධිපති විද්‍යාලයට එරෙහිව ලකුණු 492 ක දැවැන්ත ජයක් හිමිකර ගැනීමට පාදුක්ක සිරි පියරතන මහා විද්‍යාලය ඊයේ (03 වැනිදා) සමත්විය. මෙම තරගය පාදුක්ක සිරි පියරතන මහා විද්‍යාලීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.
පාදුක්ක සිරි පියරතන මහා විද්‍යාලය වෙනුවෙන් කවිඳු නිමේෂ් (118) සහ සජිත් අශාන් (117) ශතක රැස්කරමින් පිත්නේ දස්කම් දැක්වූ අතර දිමුත් සම්පත් ලකුණු 48 කට කඩුලු 8 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
සිරි පියරතන විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 58.1 කදී කඩුලු 9 ක් දැවී ලකුණු 406
(කවිඳු නිමේෂ් 118, සජිත් අශාන් 117, දිමුත් සම්පත් 50, සවීන් දෙව්මිණ 41, පසිඳු ලෝචන 138/6, තිලෝක හිම්සර 74/3)
ජනාධිපති විද්‍යාලය - පළමු ඉනිම - ඕවර 31.2 කදී සියලුදෙනා දැවී ලකුණු 89
(ඉශාර තුල්ශාන් 30, සජන උදයංග 25, දිමුත් සම්පත් 21/3, සඳරු ශමිල්ක 29/3)
සිරි පියරතන විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 40 කදී සියලුදෙනා දැවී ලකුණු 269
(සජිත අශාන් 81, සඳරු ශමිල්ක 54, දිමුත් සම්පත් 34, පසිඳු ලෝචන 73/4, සුපුන් දේශාන්ත 99/3)
ජනාධිපති විද්‍යාලය - දෙවැනි ඉනිම - ඕවර 30 කදී සියලුදෙනා දැවී ලකුණු 94
(සජන උදයංග 31, පසිඳු ලෝචන නොදැවී 23, තිළාන් සසිඳු 21, දිමුත් සම්පත් 48/8)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.