Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news සිරිකුරුස විද්‍යාලයට කඩුලු 6 ක ජයක්

සිරිකුරුස විද්‍යාලයට කඩුලු 6 ක ජයක්

Nisanka Sandeepani - 2018 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී කොළඹ ඩිලාසාල් විදුහලට එරෙහිව කඩුලු 6 ක ජයක් හිමිකර ගැනීමට කළුතර සිරිකුරුස විදුහල ඊයේ (31) සමත්විය. මෙම තරගය මුතුවැල්ල ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

අර්ධ ශතකයක් ලබාගත් එන්.සාමීල් (61) ඩිලාසාල් විදුහල වෙනුවෙන් වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා බවට පත්වූ අතර රුචිර අකලංක සහ දිල්හාර නානායක්කාර කඩුලු 3 බැගින් දවාගනිමින් සිරිකුරුස විදුහල වෙනුවෙන් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

තුහින ලෝඞ්ස් (56) අර්ධ ශතකයක් ලබාගනිමින් කළුතර සිරිකුරුස විද්‍යාලය ජයග්‍රහණය කරා රැගෙන ගිය අතර භාෂිත පෙරේරා ලකුණු 46 ක් රැස්කරමින් අනගි සහයක් ලබාදුන්නේය.


ඩිලාසාල් විදුහල - ඕවර 39.4 කදී සියලුදෙනා දැවී 185
(එන්.සාමීල් 61, රවිඳු සංදීප 46, රුචිර අකලංක 20/3, දිල්හාර නානායක්කාර 31/3, පැතුම් දර්ශණ 25/2)

සිරිකුරුස විදුහල - ඕවර 30.1 කදී කඩුලු 4 ක් දැවී 188
(තුහින ලෝඞ්ස් 56, භාෂිත පෙරේරා 46, පැතුම් දර්ශණ 24, එස්.වී.විජේසූරිය 43/2)

 

 


අදහස් (0)

සිරිකුරුස විද්‍යාලයට කඩුලු 6 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.