Last Update  :  2025-05-11 20:07:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශේන්ගේ ශතකය පීතරයින්ට ජය ගෙනෙයි

ශේන්ගේ ශතකය පීතරයින්ට ජය ගෙනෙයි

Nisanka Sandeepani - 2018 ජුනි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශේන් මලීශගේ (111) ශතකය හමුවේ ‘සිංගර් කුසලාන’ වයස 17 න් පහළ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ තරගයකදී ගම්පහ බණ්ඩාරනායක විදුහලට එරෙහිව ලකුණු 164 ක ජයක් හිමිකර ගැනීමට මීගමුව ශාන්ත පීතර විදුහල ඊයේ (31) සමත්විය. මෙම තරගය කටාන විද්‍යාලෝක ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

ඕවර 47 කට තරගය සීමාවූ අතර චානුක ද සිල්වා (57) අර්ධ ශතකයක් ලබාගනිමින් ශාන්ත පීතර විදුහල් ලකුණු පුවරුව ඉහළ දැමීම සඳහා ශේන් මලීශට අනගි සහයක් ලබාදුන්නේය. සඳරු සුපුන් සහ දිල්ශාන් මොල්ලිගොඩ කඩුලු 2 බැගින් ලබාගත්තේය.
දෙනෙත් සත්සර කඩුලු 4 ක් සහ රුවින් සවින කඩුලු 3 ක් දවාගනිමින් බණ්ඩාරනායක විදුහල මෙල්ල කිරීමට සමත්වූහ.

ශා.පීතර විදුහල - ඕවර 47 කදී කඩුලු 6 ක් දැවී 296
(ශේන් මලීශ 111, චානුක ද සිල්වා 57, පසිඳු ෆොන්සේකා 41, රිශාන් ශකිල 30, තිසර මදුවන්ත නොදැවී 28, සඳරු සුපුන් 58/2, දිල්ශාන් මොල්ලිගොඩ 61/2)

බණ්ඩාරනායක විදුහල - ඕවර 33.3 කදී සියලුදෙනා දැවී 132
(දිල්ශාන් මොල්ලිගොඩ 26, කවීන් ඉඳුවර 24, දෙනෙත් සත්සර 41/4, රුවින් සවින 38/3)


අදහස් (0)

ශේන්ගේ ශතකය පීතරයින්ට ජය ගෙනෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.