Last Update  :  2025-12-05 14:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශී‍්‍ර ලංකා සත් සාමාජික රග්බි නායිකාව තනුජා

ශී‍්‍ර ලංකා සත් සාමාජික රග්බි නායිකාව තනුජා

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මේ මස 20 සහ 21 දෙදින තායිලන්තයේදී පැවැත්වෙන ආසියානු කුසලාන සත් සාමාජික කාන්තා රග්බි තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා කාන්තා රග්බි පිලේ නායිකාව ලෙස ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා රග්බි පිල නියෝජනය කරන තනූජා වීරක්කොඩි පත්කර තිබේ.

මෙම තරගාවලියට සහභාගි වන 12 දෙනකුගෙන් සමන්විත ශ්‍රී ලංකා කාන්තා රග්බි පිලට යුද හමුදා ක‍්‍රීඩිකාවෝ පස් දෙනෙක්, නාවික හමුදා ක‍්‍රීඩිකාවෝ සිවු දෙනෙක් සහ ගුවන් හමුදා ක‍්‍රීඩිකාවෝ තිදෙනෙක් ඇතුළත්ව සිටිති.

මෙහිදී ශ්‍රී ලංකා පිල මේ මස 20 වැනිදා පළමු වටයේදී තායිලන්තය සහ හොං කොං යන කණ්ඩායම්වලට එරෙහිව තරග කිරීමට නියමිතය.


 ශ්‍රී ලංකා කාන්තා සත් සාමාජික රග්බි පිල:

තනූජා වීරක්කොඩි (නායිකා), රන්දිකා කුමුදුමාලි, සංදීපා සඳමාලි, සංජීවනි ද සිල්වා විජේතිලක (නාවික හමුදාව), කුමාරි සන්දනායක, දිනේෂා මුණසිංහ, රුක්‍ෂානි ආරියසේන, අයේෂා සෙව්වන්දි පෙරේරා, නෙරංජලා ප‍්‍රියදර්ශනි වික‍්‍රමරත්න (යුද හමුදාව), අයේෂා ලක්මාලි කළුආරච්චි, හේෂලා කරුණාරත්න සහ අනූෂා ප‍්‍රියදර්ශනි අත්තනායක (ගුවන් හමුදාව)

 

අතිරේක ක‍්‍රීඩිකාවෝ:
ඉෂානි ද සිල්වා, තිළිණි සේනානායක, මල්කාන්ති රත්නායක (නාවික හමුදාව) සහ රුවනි දීපිකා (යුද හමුදාව)

නිලධාරීහු:
වෛද්‍ය කපිතාන් නන්දනි විජේදෝරු මහත්මිය (කළමණාකාරිණිය), චන්ද්‍රශාන් පෙරේරා මහතා (පුහුණුකරු) සහ නිරෝෂණි නදීෂිකා විජේරත්න මහත්මිය (භෞතචිකිත්සක)

 


අදහස් (0)

ශී‍්‍ර ලංකා සත් සාමාජික රග්බි නායිකාව තනුජා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.